සිරගත කල ඊජිප්තු බ්ලොග්කරුවාට සමාව.


හර්ෂි සි. පෙරේරා

හමුදා ජුන්ටාව විසින් මෙම බ්ලොග්කරුව සිරගත කලේ හමුදාවට නින්දා කිරීම ගැනයි. ඔහුට දැන් සමාව දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. ඒ එළබෙන සතියේ පැවැත්වෙන විරෝදතා වලට මහජන සහය ලැබීම වැළැක්වීමටයි. ඔහු නමින් මයිකල් නබිල් සනඩ් වන අතර හෙතෙම 26 හැවිරිදි වියේ පසුවන කොප්ටික් ක්‍රිස්තියානි කාරයෙකි. ඔහු ගිය වසරේ හමුදා විනිශ්ය සබාව විසින් වරදකරුවන් කල 2000 ක් පමණ වූ සිරකරුවන් අතරින් කෙනෙකි.