හරුමල්ගොඩ මද්යම ග්‍රාමසේවා නිලදාරිනි සුළිසුලන් ආදාර ගසා කයි.


හර්ෂි සි. පෙරේරා

ඇය ජේ. එල්. පද්මිණි. වයස අවුරුදු 46 යි. විවාහක දෙදරු මවකි. සැමියා මානසික ආබදයකින් පෙලෙන අතර මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ලබා ගනී. ඒ වර්ෂ 2002 සිට. පද්මිණි මිට ඉස්සර කඩවල කෑම සදා දී මුදල් ඉපයිය. නමුත් දැන් ඇයට වැඩක් පලක් කල නොහැක. ඇය ආදී රුදිර පිඩනයට ප්‍රතිකාර ගනී. පදිංචිය දුවවත්ත, හරුමල්ගොඩ, හබරාදුව වේ.

2011 නොවෙම්බර් 25 වැනිදා සුළි සුලන් ආවේය. පද්මනිගේ කටුමැටි ගෙයි වහල ගැලවී බිත්ති පුපුරන ලදී. මේ අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලදාරී අනිත් ගෙවල් වලට ගියද පද්මනිගේ කැඩුණු ගෙය බැලීමට ආවේ නැත.

හරුමල්ගොඩ මද්යම ග්‍රාමසේවා නිලදාරී පුෂ්පා මලනිද සිල්වාය. සෙසු නිවෙස් වලට පද්මිනිගේ නිවස වැනි ආදාර මුදල් ලෙස රුපියල් 100000/= ක් දුන්නද පද්මිනිට ලැබුනේ රුපියල් 15000 ක් පමණි.

ඉතිරි මුදල්ගියේ කාගේ සාක්කුවටද?