ඉරාකය : වසර නවයක ඇමෙරිකානු ආක්‍රමණය නිල වශයෙන් අවසන්


l කිෂානි වැලිවිටිගොඩ

ස්වාධීන සහ ස්වාධිපත්‍ය නමැති සිහිනය දැන් ඉරාකයේ සැබෑවක් වී අවසානයි, යයි එකසත් ජනපදයේ ආරක්ෂක අංශ ප්‍රධානි ලිඔන් පට්රාස් ඉරාකයේ ඇමෙරිකානු මෙහෙයුම් නිල වශයෙන් අද සිට අවසන් කරන බව බගගඩ් හී පිහිටි හමුදා මුලස්ථානයේ පැවති උත්සවයේදී සඳහන් කරනු ලැබීය. 

වසර නවයක් තිස්සේ පැවති ඇමෙරිකානු ආක්‍රමණය මඟින් සදාම් හුසේන් පාලනය අවසන් කරනු ලැබූ අතර ඉන් පසු ප්‍රචන්ඩ ක්‍රියා රාශියක් සිදු වීමෙන් ඇති වූ ජීවිත හානිය අතිශය විශාල බව සඳහන් වේ. ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානියා අදාළ විසිර යාමේ උළෙලේදී තව දුරටත් කියා සිටිය ඉරාකයේ දරුවන්ට යහපත් අනගතයක් උදා වී ඇති බවයි. එසේම ඇමෙරිකානු- ඉරාක සම්බන්ධතා පෙරට වැඩ වැදගත් සහ අන්‍යෝන්‍ය සහයෝගීත්වයෙන් යුතුව ඉදිරියට ගෙනයන බව සඳහන් කළේය.