| සමන් ආර්. සිල්වා
1977 සිට 1994 දක්වා දිව ගිය එක්සත් ජාතික පක්‍ෂ පාලන සමය ජනතාවට ගෙන දුන් අමිහිරි අත්දැකීම් රාශියකි. 1977 විවෘත ආර්ථික ක‍්‍රමයේ අහිතකර ප‍්‍රතිඵල සේම විධායක ජනාධිපති ක‍්‍රමය ඇතුළු අනෙක් හිංසාකාරී අණපනත්, නීති විධි විධානද, 1983 කළු ජූලියේ සිට 88-90 භීෂණ සමය පුරාවට මුදාහල රාජ්‍ය සහ නොනිල මට්ටමේ ත‍්‍රස්තවාදයද සමග දේශපාලන පලිගැනීම්, 80 වැඩ වර්ජනය මර්ධනය කරමින් රාජ්‍ය සේවයට කල අකටයුතුකම්, නීතිය අවඥාවට ලක්කිරීම් ආදිය 1990 දශකයට පෙර උපන් අයට නම් තවමත් මතක තිබේ. රටේ දේශපාලන-ආර්ථික සදාචාරය පිරිහීමට සමානුපාතිකව එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයද අශීලාචාර සමාජ විරෝධීන්ගෙන් පිරී තිබිණි. එම යුගයේ දී සොත්ති උපාලි පවා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් විය. ජනතාවට පීඩා ගෙන දුන් තත්වය යම්තරමක් හෝ පහව ගියේ විජේතුංග ජනාධිපතිවරයාගේ අවදියේදීය. 1994 දී නව පිබිදීමකින් සහ ජවයකින් පොදු පෙරමුණ බලයට පත්කරන්නට ජනතාව පෙලගැසුනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛව වාමාංශික බලවේග, සිවිල් සංවිධාන, විකල්ප ධාරාවේ මාධ්‍යවේදීන් එක් රැුස් කොට තැනූ නැවුම් සිතුවිලි සමුදායකින් මහජනතාව පිබිදෙන්නට විය. ආශ්වාදජනක දේශපාලන මෝහනයකින් බලය ලබාගන්නට සමත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයද බැද්දගාන සංජීවලාගෙන් පිරෙන්නට විය. ජනතා බලාපොරොත්තු සුන් කරමින් ගතවූ වසර 11ක ඇවෑමෙන්, මහින්ද රාජපක්‍ෂද තමන්ට චින්තනයක් ඇතැයි පවසා ජනතා අපේක්‍ෂාවන් ගසා කෑවේය. වර්තමානය වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අභ්‍යන්තරය ¥ෂකයන්ගෙන්, හොරුන්ගෙන්, තක්කඩියන්ගෙන් සහ චන්ඩින්ගෙන්ද, මැරයන්ගෙන්ද පිරී ඇත. අද එය සාරුවා සුනිල්ගේ සිට, තංගල්ලේ සම්පත් දක්වාද, දුමින්ද සිල්වාගේ සිට සරණ ගුණවර්ධන දක්වා වන මැරයන්ට - ¥ෂකයන්ට - කුඩුකාරයන් ස`දහා වෙන්වූ අභය භූමියකි. එසේම සජින් වාස් වැනි නාගරික ලූම්පන් පැලැන්තියේ අයට කල්ප වෘක්ෂයකි. රටේ ගෞරවය කෙලෙසමින් හිතෙන හිතෙන තක්කඩියන් සහ නූගතුන් තානාපතිවරුන් බවට පත්කරන්නේ ඔහුය. එමතුද නොව තානාපතිවරුන්ට පහර දෙන්නේය. විපක්‍ෂ නායකයාට පහර දෙන්නට මැරයන් යවන්නේය. මේ අන්තනෝමතික පාලනය එජාප පාලන සමයටත් වඩා දස දහස් වරක් රට අගතියට ගෙන ගොස් ඇත.
විදග්ධ කතිකාවක මගපෙන්වීම
දේශපාලන පක්‍ෂයක න්‍යායාත්මක කාරණා කෙසේ වෙතත් එම පක්‍ෂය මෙහෙයවන පුද්ගල සාධකය ඉතා සුවිශේෂී තත්වයක් උසුලන බව අතීත අත්දැකීම් විමසා බැලීමේදී පැහැදිලිව දැකිය හැකිය. විධායකය හෙබැවූ පුද්ගල චරිත එම තනතුර දැරූ සමයේ ඔවුනගේ පුද්ගල මතිමතාන්තර පමණක් නොව දුර්වලකම් ඔවුන්ගේ පක්‍ෂයේ ප‍්‍රතිපත්තින් පරයමින් ඉහලට පැමිණි බව අපි කවුරුත් අත්දැක ඇත්තෙමු. සියලූ බලතල එක් පුද්ගලයෙක් මත ඌණනය වීම රටකට අහිතකර ප‍්‍රතිඵල අයිතිකර දෙන්නේය. එය ගැන නැවත නැවතත් ලිවීම පලක් නැත. දැන් කල යුතුව ඇත්තේ විධායකයේ ඇති සර්වබලධාරීත්වය ඉවත්කොට ජනහිතකාමී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමයි. නැතහොත් මීල`ගට පත්වන තැනැත්තාද බලයෙන් මත්ව නොමග යනු නියතය. එම නව ව්‍යාවස්ථාවක් උදෙසා වන කතිකාව දැනටමත් ඇරඹී ඇත. සිවිල් සංවිධාන, නීති විශාරදයින් සමාජ ක‍්‍රියාකාරීන් සහ විදග්ධ සමාජයද එහි කොටස්කරුවන් වී හමාරය. එම එකමුතුව තවත් පුළුල් කරමින් බොදු බලය නියෝජනය කරන පුද්ගලයන්ද එම කතිකාව පෝෂණය කරමින් සිටියි. වාමාංශික බලවේගද මේ ස`දහා එක්කරගත යුතුව ඇත. මේ අවස්ථාව ම`ග හැරිය නොයුතු ස්වර්ණමය අවස්ථාවකි. එහෙත් රටේ අවාසනාවකට මෙම කතිකාව රටේ ප‍්‍රධාන විපක්‍ෂය විසින් හිතාමතාම මගහරිමින් සිටින බවක් පෙනී යයි. එජාපය විදග්ධ දේශපාලන කතිකාව සමග කවදත් සංවාදයේ යෙදුනු මංගල සමරවීර වැනි ලිබරල් මතවාදීන් ඈත්කොට සජිත් පේ‍්‍රමදාස වැනි ලූම්පන් ධාරාවේ චරිත ඉහළට ඔසවමින් සිටියි. මෙය රටේ අනාගතය නැවත වරක් විනාශය කරා දැක්වීමක් බවට වර්ධනය විය හැකිය. එජාපයද එයින්ම අහෝසි වනු නියතය.
රටේ දේශපාලන ගමන්මග වෙනස් කරන්නට තිබූ එක් හැරවුම් ලක්‍ෂයක් වූයේ 1994 මහ මැතිවරණයයි. එහිදී පොදුපෙරමුණ එලි දැක්වූ මැතිවරණ ප‍්‍රකාශණය තුල විධායකය අහෝසි කිරීම, ජාතික සමගිය, ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විවෘත ආර්ථිකයේ මානුෂිය මුහුණුවර, මැතිවරණ ක‍්‍රමයේ සංශෝධන ආදී ප‍්‍රගතිශීලි යෝජනා රැුසක් විය.(දශක දෙකකට අධික කාලයක් ගතවී ඇති මුත් පෙර කී මැතිවරණ ප‍්‍රකාශණය තවමත් ඉටු වී නැත.* මෙම යහපාලනය ස`දහා වන යෝජනා පොදු පෙරමුණු දේශපාලනයට නව ලිබරල්වාදී අත්තිවාරමක් විය. එම මොහොතේදීත් විදග්ධ සිවිල් සමාජය ඇතුළු සමාජ ක‍්‍රියාධරයන් පොදු පෙරමුණ උදෙසා කොන්දේසි විරහිතව පෙනී සිටියහ. විදග්ධ සමාජය සහ පොදු පෙරමුණ යා කල පාලම ඉ`දිවූයේ මංගල සමරවීර හරහාය. එතෙක් ජාතිකවාදී මුහුණුවරක් ගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නව ලිබරල්වාදී මාවතකට අවතීර්ණ වුයේ ඔහුගේද ආභාෂය නිසාය. ඔහු ලිබරල්වාදී නිදහස් මතධාරියෙකි. අනෙක් අතින් මැතිවරණ දේශපාලනයටද උපන් හපන්කම් ඇත්තෙකි. ඒ වාගේම නූල් සූත්තරකාරයෙකි. 1994 සිට පැවති සියලූ මැතිවරණ වල ප‍්‍රධාන පෙලේ භූමිකාවක් ඔහුට හිමි වූයේ එනිසාමය. වාමාංශික බලවේග සහ දියුණු ධනවාදී බලවේග සමගද සබ`දතා පවත්වන්නෙකි. බටහිර සහ යුරෝපීය කලා නිර්මාණ, සාහිත්‍යය සහ මතවාද ඇසුරු කරන්නෙකි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති දේශපාලන චරිතයකි. ඔහු දැරූ ඇමති ධූර සියල්ලේම වගකීම හරිහැටි ඉටු කල අයෙකි. විශේෂයෙන්ම විදේශ අමාත්‍ය ධූරය දරමින් ඔහු කල සේවය අති සුවිශේෂය. එසේම දේශපාලනයේ පෙර දැක්මක් ඇත්තෙකි. 2008 වසරේ ඔහු ශ‍්‍රීලනිපයෙන් වෙන්ව ”ම” පාර්ශවය ගොඩනගන්නේ ශ‍්‍රීලනිපය ග‍්‍රාමීය නොදියුණු චින්තයක් කරා තල්ලූවෙමින් සිටි බව වටහා ගෙනය. අද එය තහවුරු වී ඇත. අනතුරුව ඔහු එජාපයට එක්වන්නේ රනිල් වික‍්‍රමසිංහ ලිබරල්වාදී අදහස් රැුසක් එජාපය තුල රෝපණය කරමින් සිටියදීය. ලිබරල්වාදී විදග්ධ ධාරාව සමග ඇයි හො`දයිකම් ඇති මංගල සමරවීර එජාපයට එක්වීම පක්‍ෂය තුල ලිබරල් මතවාදයට තවත් තහවුරු වන්නට ඉඩ හසර සැලසුවේය. කවදත් තමා නියෝජනය කරන පක්‍ෂයේ නායකත්වය රැුකගැනීම වෙනුවෙන් පෙනී සිටින මංගල එජාප අභ්‍යන්තර කැරළි හමුවේ රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටියේය. ඒ ඔහුගේ ගති ස්වභාවයයි.
පේ‍්‍රමදාසවාදී ලූම්පන්වරු
එහෙත් අද එජාපය තුළ පේ‍්‍රමදාසවාදී ලූම්පන් ධාරාව නැවත පිබිදෙමින් සිටියි. ඌව පලාත් සභා ඡුන්ද ප‍්‍රතිඵල විසින් බිහිකල ආශ්වාදය මෙම තත්වයට හේතුවිය. සිරස මාධ්‍ය ජාලය හිමි ලූම්පන් පන්තික මහරාජා සමාගමේ හිමිකරුවාගේ ඉත්තකු ලෙස ක‍්‍රියාකරන සජිත් පේ‍්‍රමදාස නැවත වතාවක් සිය පියාගේ ග‍්‍රාම්‍ය විලාශය එජාපය තුල ප‍්‍රති නිර්මාණය කරමින් සිටියි. ඔහුගේ නායකත්වය ඇතිව ක‍්‍රියාත්මක මෙම අභ්‍යන්තර කැරලිකරුවන් බහුතරය ලූම්පන් පන්තියෙන්ම බිහිව එජාපය තුල සිය අනන්‍යතාවය තහවුරු කරගත් අයවේ. එනිසා මෙය එජාපයේ ලූම්පන් ධාරාව යැයි හ`දුන්වමි. ලූම්පන් පන්තිය මතවාදයන්ට කොහෙත්ම කැමති නැත. බුද්ධිමය සංවාදයන්ට ඔවුන්ට පිලිකුල්ය. රටේ යහපාලනය උදෙසා වන සමාජ කතිකාව මහින්දටත් වඩා ඔවුන්ට වහකදුරුය. ඔවුනගේ එකම අරමුණ මහින්දගෙන් පසුව බලය ඩැහැගෙන මහින්දගේ භූමිකාවම තම හිතවතුන් සමග පවත්වාගෙන යාමය. එනම් පවතින ජරාජීර්ණ දේශපාලන රාමුව තවදුරටත් පවත්වාගෙන යෑමය. සජිත් පේ‍්‍රමදාස වැනි ලූම්පන් දේශපාලන චරිතයක් තම පියාගෙන් විධායකයේ රස ඉගෙනගන්නට ඇත. රටේ ජනමනස පවා විකල් කරන සිරස මාධ්‍යජාලය විසින් මෙහෙයවනු ලබන ඔහුට එජාපය ඇදගෙන යා හැක්කේ සිය පියාගේ අඩිපාරේ පමණකි. ඔහු දන්නා වෙනත් යමක් නැත.
පොදු අපේක්‍ෂක කතිකාව පරාජය කොට විධායකය එජාපයට තනිවම බුක්ති වි`දිය හැකි යැයිි මෙම ලූම්පන් ධාරාවේ අය සිතති. මෙහිදී ඔවුන් සිය ප‍්‍රධාන ප‍්‍රතිවාදියා ලෙස හදුනාගන්නේ මංගල සමරවීරවය. ආණ්ඩුවද පහරදෙන්නේ මංගලටය. ආණ්ඩුව ඔහු ඉලක්ක කරමින් මඩ ව්‍යාපාර මුදාහරින්නේ ඔහුගේ ශක්තිය හො`දින්ම දන්නා නිසාය. අවාසනාවට එජාපය ඔහුගේ ශක්තිය අවතක්සේරු කර ඇත. ඔවුන්ට අනුව, එජාපයට යහපත එන්නත් කල මංගල අදවන විට සතුරු කදවුරෙන් එවූ පිල්ලියකි. නායකයා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි මංගල අද ද්‍රෝහියෙකි. එජාප නායකයාද මේ මොහොතේ ලූම්පන් බැරිනම් සාතන් සමග හෝ බලය සදහාම සන්ධාන ගතවන බවක් පෙන්නුම් කරමින් සිටියි. යම් ආකාරයකින් එජාපය ලූම්පන් ධාරාවේ පිහිටෙන් තනිවම බලය ඩැහැගත්තද(අපහසු ඉලක්කයකි* ඉටුවනු ඇත්තේ ජනතා අපේක්‍ෂාවන් නොව ජාවාරම්කාර පැලැන්තියේ අවශ්‍යතාවයන් පමණකි. ලූම්පන් ධාරාව රටේ බලය හොබවන පක්‍ෂයේ ගාමක බලවේගය වන්නේ නම් නැවත වරක් එකම චක‍්‍රය කැරකෙනු ඇත. රටේ අවාසනාවට එජාප නායකයාද විශ්වාසය තබා ඇත්තේ රට විනාශයට පත්කල, පත්කරන්නට කැස කවන ලූම්පන් ධාරාවයි. දැනට එජාපය තුල ලූම්පන් ධාරාව ජයගෙන ඇත. එහෙත් එම ජය එජාපයේ ගාමක බලවේගය බවට පත්වන්නේ නම් එය රටේත් ජනතාවගේත් අවාසනාවකි. මෙම තත්වය එජාපයේ නීතිවේදීන් - බුද්ධිමතුන් - සංඝ බලවේගය, සිවිල් ජනතාව සහ මාධ්‍යවේදීන් විසින් එජාප නායකත්වයට ඒත්තු ගැන්විය යුතුය. මංගල සමරවීර වැනි ප‍්‍රබල චරිතයක් එජාපය තුල තහවුරු නොවේ නම් රට ගෙනයන මග එළිපෙහෙලි නොවනු ඇත. මංගල සමග අත්වැල් බැ`දගත් සිවිල් බුද්ධිමතුන්ගේ සහය එජාප මතවාදය පෝෂණය ස`දහා යොදාගත යුතුම මොහොතක එජාපය එම අවස්ථාව ගත යුතුය. රටේ දේශපාලන ගමන් මග තීන්දු කල යුත්තේ විදග්ධ දේශපාලන කතිකාවකින් මිස, ලූම්පන් පන්තියේ කෑදර අවශ්‍යතාවයන්ගෙන් නොවේ. රටේ උගත් සිවිල් ජනතාව විසින් එජාපයට මේ පාඩම කියා දිය යුතුව ඇත. මංගල - කරූ වැනි පුද්ගලික ඉලක්ක නැති පුද්ගලයන් තව තවත් එජාපය අභ්‍යන්තරය පිරවිය යුතුව ඇත. සුබවාදී දේශපාලන වටපිටාවක සිහිනය ඉටුකර ගැනීමට දරන්නට වන වෙහෙස අපමණය.