" අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව" යන නමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්්‍යවරුන් 03 දෙනෙකුට මරණ තර්ජන

දෙසැම්බර් 16 වන දින උදේ යතුරුපැදිවලින් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නන්නාදුනන කණ්ඩායමක් විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්්‍යවරුන් 03 දෙනෙකුට " අවසාන නිවේදනයක්" ලෙස අනතුරු අගවමින් මෙම මරණ තර්ජනය පෝස්ටරයක් ලෙස අලවා තිබේ. එම නිවේදනය නිකුත් කරනුයේ " අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව" යන නමිනි.

රුධිරය වගුරවා දෙමළ ජනතාවට අප ලබාදුන්නාවූ නිදහසට බාධාකරන්නවුන්ට උපරිම දඩුවම් ලබාදෙන බව එම පෝස්ටරයේ සඳහන්ව ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ තෝරාපත් වූ ශිෂ්‍ය නායකයින් සහ අලුතින් ලබන වසරට පත්වී සිටින ශිෂ්‍ය නායකයින්​ගේ නම් ඉහත මරණ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. මින් එක් ශිෂයෙකු වන එස්.තවපලසිංහම් මහතා මෑතකදී හමුදා බුද්ධි අංශයෙන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් පහර කෑමට ලක්ව ඇති අතර මින එක් ආචාර්්‍යවරයෙකු වන එස්.රවීන්ද්‍රන් මහතා 2009 මාර්තු මසදී කොළඹදී පැහැගෙන යාමකට ලක්ව සති දෙකකට පසුව නිදහස් කර ඇත. මෙම තර්ජනාත්මක පෝස්ටරයෙන් පසු විශ්ව විද්‍යාලයේ සිසුන් හා ආචාර්්‍යවරුන් පැහැරගෙන යාමකට හෝ ඝාතනයකට ලක්වේ වැයි දැඩි ජීවිත බියකින් පසුවේ.

පොස්ටරයේ නම සඳහන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්වන්න ශාස්ත්‍ර පීඨයේ කිරුපාහරන්,අමල් රාජ්,තවපලන්,ශක්ති,ජනමෙනන්,සෙන්
තිල් ද කළමණාකරණ හා අධ්‍යයන වාණිජ පීඨයේ සූරූපන් හා විද්‍යා පීඨයේ ප්‍රසන්න යන ශිෂ්‍යයින්ය.

ජීවිත තර්ජනය ලක්ව ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්්‍යයවරුන් වන්නේ භූගෝල අධ්‍යයන අංශයේ රවීන්ද්‍රන් , ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරයෙක් සහ යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංමයේ ගරු ලේකම් තනතුර හොඹවන විඥේශ්වරන් සහ හිටපු ශිෂ්‍ය නායකයෙකුව සිටි දැනට සහයක ආචාර්යවරයෙකු වන හරිහරන් යන මහත්වරුන් වේ

මේ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා​ගේ කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමන් මේ පිළිබ​ඳ කිසිවත් නොදන්නා බවයි. ඊට අමතර අන්තර්විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ කැදවුම් කරු සංජීව බණ්ඩා​රගෙන් කළ විමිසීමකදී ඔහුද මේ පිළිබඳ කිසිවක් නොදන්නා බව පැවසීය.