SPECIAL: තහනම් කළ වෙබ් අඩවි වලට එරෙහිව පුළුල් ප්‍රචාරයක් දෙන්නයි ගෝඨාගෙන් කුඩ්ඩාගේ ගුවන් විදුලියට බලපෑම්

| විශේෂ වාර්තාකරුවෙකු විසිනි


පසුගියදා කිසිඳු නීතියකට අනුකූල නොවෙමිනින් තහනම් කරනු ලැබූ වෙබ් අඩවි පිළිබඳව සහ එය සාධාරණීකරණය කරමින් රට පූරා විශාල ප්‍රචාරයක් රැගෙන යන ලෙසටත් එම වෙබ් අඩවි මෙහෙවන සියලුම දෙනාට තද බල ලෙස පහර පහර දීමටත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම් නන්දසේන ගෝඨාබය මහතා කුඩු දුමින්ද සිල්වා මහතාගේ ගුවන් විදුලි සේවයට සහ අනෙකුත් ඔහුට පක්ෂ පාතිකම් සිදු කරන මාධ්‍ය වෙත නියෝගයක් නිකුත් කොට ඇත.

එසේම අදාළ කාරණය වෙනුවෙන් අදහස් දක්වන ලෙස පසුගිය කාලය පුරාම රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් හම්බ කරගත් කලා කරුවන් , විදවතුන් ඇතුළු සියලු පාර්ශවයන් වෙත බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ගෝඨාබය රාජපක්ෂගේ නියෝගයකට අනුව භාරත ලක්ෂමන් මහතා මහමඟදී ඝාතනය කොට එම ඝාතනය සිදු කළ සියලුම දෙන ආරක්ෂා කිරීම සහ කුඩු දුමින්ද සිල්වා සියලු නිතී උල්ලංගනය කරමින් සේම වෛද්‍ය උපදෙස් නොතකා හරිමින් පිටරට යැවීම ආදී සියලු තොරතුරු අදාළ වෙබ් අඩවි හෙළි කිරීම ඒවා තහනම් කිරීම සඳහා හේතුව ලෙස සැලකේ. මේ නිසා ලේඛම් නන්දසේන ගෝඨාබයගේ මවාගෙන සිටි ප්‍රතිරූපය හානී වූ බව වාර්තා වේ.