මෙම ඡායාරූපයේ සිටින්නේ, ශී‍්‍ර ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතායි. ඒ මහතාට ‘පැපරාසියා’ ප්‍රශ්න කිහිපයක් යොමු කිරීමට අදහස් කර ගෙන සිටී. එම ප්‍රශ්න නම්,
1. ඔබ මීට විසි වසරකට පමණ පෙර ශී‍්‍ර ලංකාවෙන් පළා ගියේද? ඒ කුමන රටකටද? එසේ පළා යාමට හේතුව කුමක්ද?
2. එම රටේ සිට නැවතත් ඕස්ටේ්රලියාවට පළා යාමට සිදු වූ කරුණ කුමක්ද?
3. ඔබ වංචාවන් කීයකට වරදකරු වී තිබේද? ඒ සඳහා ලද දඬුවම් කවරේද?
4. රාජපක්ෂ පවුලේ ඔබගේ හිතවතා කවරෙක්ද?
5. ශී‍්‍ර ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට ඔබව පත් කරන ලද්දේ කවරෙකු විසින්ද? ඒ සඳහා ඔබට තිබෙන්නේ කවර සුදුසුකමක්ද?
6. ශී‍්‍ර ලංකන් එයාර් ලයින් සමාගමේ ප්‍රධාන විධායක ධූරයට ඔබව පත් කරන ලද්දේ කවරෙකු විසින්ද? ඒ සඳහා ඔබට තිබෙන්නේ කුමන සුදුසුකමක්ද?
7. ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
8. ඉහත කී තනතුර සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද ජීවදත්ත පති‍්‍රකාව සම්පූර්ණයෙන්ම නිවැරදි එකක් බවට ඔබට සහතික විය හැකිද?
9. ඔබ සතුව තිබෙන උසස් අධ්‍යාපන සහතික කොපමණ ප්‍රමාණයක් ඔබ විසින් මිලදී ගත් ඒවාද? ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද?
10. මේ වනවිට ශී‍්‍ර ලංකන් එයාර් ලයින් සමාගමෙන් ඔබ විසින් අයථා ආකාරයට උපයා ඇති මුදල කොපමණද? එම මුදල් තැන්පත් කර තිබෙන්නේ කවර රටක, කවර ගිණුමකද?
මේ සම්බන්ධයෙන් ඔබගේ අවංක පිළිතුරු අප බලාපොරොත්තු වන අතර, එම පිළිතුරු හා අපට ලැබී ඇති තහවුරු නොකළ වාර්තා සංසන්දනය කොට ඉහත ප්‍රශ්න සඳහා දෙපාර්ශවයම පිළිගන්නා පිළිතුරු ඉදිරියේදී වාර්තා කිරීමට අප අදහස් කරන්නෙමු.
මේ සඳහා පාඨක ඔබටද පිළිතුරුදීමට හැකි බව කරුණාවෙන් සලකන්න. - feed@srilankaguardian.org
උපුටා ගැනීම :- පැපරාසියා නිව්ස්
Post a Comment