පාසල වසන බව ඇමැති කියද්දී දරුවෝ හඬා වැටෙති

| නිලන්ත මදුරාවල

File Photo
අම්බලන්ගොඩ ධම්මකුසල විදුහල වසා දැමීමට අවශ්‍ය හෙයින් දරුවන් ඉවත් කරගන්නා ලෙස දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා ඊයේ (22 වැනිදා) එම විදුහලට පැමිණ දෙමවුපියන්ට දැනුම් දුන්නේය.

සිසුන් දාහත්දෙනකු පමණක්‌ සිටින මෙම විදුහලට පළාත් අධ්‍යාපන ඇමැතිවරයා පැමිණ ඇත්තේ සවස 1.30 ට පමණය. එම අවස්‌ථාවේ විදුහල්පතිවරයා ද සිසුන් පස්‌දෙනකු හා දෙමවුපියන් දෙදෙනකු ද එහි සිට ඇත. දරුවන් ඉවත් කර ගන්නැයි ඇමැතිවරයා ප්‍රකාශ කරන විට දරුවෝ හඬා තිබේ. ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම විදුහල පවත්වාගෙන යැම රජයට බරක්‌ බවය. මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ඇමැතිවරයාගෙන් විමසීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.