| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ බොරු චෝදනා ඉදිරිපත් කර ශිෂ්‍ය භාවය අහෝසි කර ඇත.
2011/11/18 දින සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසී කර ඇත්තේ පළමු වසර සිසුන්ට එතෙක් හැදෑරීමට තිබූ විෂය මාලාවන් කප්පාදුවට එරෙහිව මත ප‍්‍රකාශ කිරීම හේතුව නිසා වෙනි. එසේම මූර්ති කලා අධ්‍යයනාංශයේ සිසුන්ගේ මූර්ති නිර්මාණ ද උපකුලපතිවරයාගේ උපදෙස් පරිදි කඩා බිඳ දමා විනාශ කිරීම පිළිබඳ විරෝධය දැක්වීමද මෙසේ එම සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසී වීමට හේතු වේ.
එදිනම එම විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ ශිෂ්‍ය සංගම් සභාපති හා හිටපු සභාපතිගේ ශිෂ්‍ය භාවය ද අත්හිටුවා ඇත්තේ බොරු චෝදනා යටතේ ය. 2011/11/21 දින පළමු වසර සිසුන්ගේ විෂය කප්පාදුව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට සූදානම් වීම යන අසාධාරණ චෝදනා යටතේ දෘෂ්‍ය කලා පීඨයේ සභාපති ඇතුළු තවත් දෙදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර ඇත. ඒ අතර සිසුවියකද සිටී. මීට අමතරව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් 14 නමකගේ ශිෂ්‍ය භාවය අහෝසි කර ඇත. අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සටන් වදින ශිෂ්‍ය කි‍්‍රයාධරයින් මෙසේ විවිධ චෝදනා නගමින්, ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් ඉමහත් නින්දිත ක්‍රියාවකි

Post a Comment