| සමන්ත කෝනාර
ජපුර සරසවියේ ඕවිටිගල විතානගේ සමන්ත ශිෂ්‍යාට පහරදී හිස මතට පරිගණක මොනිටරයක් අත හැර ඔහුගේ හිස පොඩි කල සුජිත් කුරුවිට නමැති සිසු මරුවා දැනට නිදැල්ලේ පසුවන අතර දැනට ඔහු රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කරමින් ආණ්ඩුවට එදිරිව එන රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා හින් නුලෙන් කඩාකප්පල් කරන බවත් වාර්තා වේ. සමන්ත සිසුවාගේ ඝාතනය සඳහා මුලදී ඔහුට චෝදනා ගොනු වුවද එවකට පැවති පරිවාස රජයේ බලවන්තයන්ගේ උපකාරයෙන් මෙම මිනීමරු නඩුවෙන් බේරී යාමට ඔහ සමත් විය. දැනට රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා නිෂ්ක්‍රිය කොට ආණ්ඩුවට කඩේ යන සිසු මරුවාට නිල නොවන සමාවක් ලැබෙන බවට ආරංචි ලැබෙමින් පවතී.
Post a Comment