| අමිල ගුණරත්න
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අයවැය වාර්තාව කියවන අතරතුරදී එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු සිය මේස මත සඟවාගෙන සිටි "ලැඡ්ජයි" යනුවෙන් සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂාවෙන් ලියූ පුවරු උස්‌සා ජනාධිපතිවරයාට පෙන්වූහ. එවිට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතර සිටි ලොහාන් රත්වත්ත විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා වෙත දිව ඇවිත් ඔහු අත තිබූ පුවරුව උදුරා ගත් අතර රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ජෝන් අමරතුංගට පහර දෙන ලදී. මහින්දානන්ද අලුත්ගමගේ, විජිත් විජයමුණි, මර්වින් සිල්වා යන ජනතා නියෝජිතයන් මැරයන් සේ සභා ගැබට පැන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දුන්හ. මෙම අවස්ථාවේ දී විදේශික නියෝජිත පිරිසක් ද පාර්ලිමේන්තුවේ සිටි අතර තිරිසන් සතුන් සේ හැසිරෙන ශ්‍රී ලංකාවේ ජනතා නියෝජිතයන් දෙස ඔවුන් බලා සිටියේ විශාල පිළිකුලකිනි. ආණ්ඩුවේම අනුග්‍රහයෙන් තවත් පුංචි චැනල් 4 ක් මෙම විදේශිකයන්ට බලා ගැනීමට හැකි විය. ගැටුම ආරම්භ කල ලොහාන් රත්වත්ත පැපුවා නිව්ගිනි රගර් ක්‍රීඩක ජොඑල් ප්‍රේරා වෙඩි තබා මරා දැමීමට මෙන්ම උඩුතලවින්න මුස්ලිම් තරුණයන් අමු අමුවේ ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලබා සිට සාක්ෂි පරස්පරතාව නිසා අධිකරණයෙන් නිදහස් වූ පුද්ගලයෙකි. කසිප්පුකාරයන්ට , කුඩු කාරයන්ට , මිනීමරුවන්ට චන්දය දී උන්ව පාර්ලිමේන්තුවට යැවු හරක් චන්දදයකයන්ට ඉදිරි කාලයේදී මෙවැනි විසුක දස්සන පාර්ලිමේන්තුව හරහා නැරබිමේ අවස්ථාව තව තවත් ලැබෙනු ඇත.
Post a Comment