ශිෂ්‍ය සංගම් සීල් තබා විරු සිසු සේයාරූ වනසා ජ‘පුර උපකුලපති සරසවිය තුළ යකා නටයි

| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය මේ වන විට හදිසියේ සීල් තබා ඇති අතර, ශිෂ්‍ය සංගම් කාර්යාලය යට ආපනශාලා බිත්තියේ සවිකර තිබූ සියලූම විරුසිසු ඡුායාරූප විනාශ කර දැමීමට ඉතා ආවේග සහගත අයුරින් එහි උපකුලපතිවරයා මිට ස්වල්ප වෙලාවකට ප්‍රථම කටයුතු කර ඇත. එසේම විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබෙන විරු සිසු ස්මාරකය අද රාති‍්‍රයේ දී කඩා බිඳ දැමීමේ උත්සාහයක් පවතින බව ද ආරංචි වේ .

ජයවර්ධනපුර සරසවියෙන් අත්බෝම්බ සොයාගත් ප‍්‍රවෘත්තියක් නිර්මාණය කර ජනමාධ්‍ය වෙත මුදාහැරීමට ආණ්ඩුව පසුගියදා කටයුතු කළ අතර අනතුරු ඇඟවු පරිදිම එකී ප‍්‍රවෘත්තිය නිර්මාණය කර දින දෙකක් ඇතුලත එවැනි පුවත් නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද යන්න හෙළිදරව් වී තිබේ. ජ‘පුර සරසවිය ආණ්ඩුවේ තවත් මර්දනීය ගොදුරක් බවට පත්වෙමින් තිබේ