හරියට කළේ නෑ - බැන්නා තමයි -- මහින්ද අබේසුන්දර

නිවැරදි කිරීමයි: මෙම පුවත අද උදෑසන වාර්තා කිරීමේදී සුළු අඩුපාඩුවක් සිදු වූ අතර එහි නිවැරදි සංස්කරණයක් පහත පළවේ. අපි අතින් සිදු වූ ප්‍රමාද දෝෂය ගැන අපේ බලවත් කණගාටුව

දිනමිණ කතෘ මාධ්‍යවෙදිනියකට බැන වැදීමෙන් පසු රෝහල් ගත කරයි


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා තිබූ ‘සුදු කොඩි’ නඩුවේ තීන්දුව ආණ්ඩුවට වාසිදායක ලෙස නොලියූ බව පවසමින් එම නඩුව ආවරණය කළ මාධ්‍යවේදිනියට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ‘දිනමිණ’ කර්තෘ මහින්ද අබේසුන්දර මහතාට දියවැඩියා රෝග ලක්‍ෂණ උත්සන්නවීම හේතුවෙන් හදිසියේම පසුගිය සිකුරාදා (18) රෝහල් ගත කළ බව වාර්තා වේ.


ඔහු රෝහලට ඇතුළු කිරීමෙන් පසුව ක්‍ෂණිකව ලබාදුන් ප‍්‍රතිකාර හේතුවෙන් මහින්දගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරුණු බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

ෆොන්සේකාගේ නඩුව ‘දිනමිණ’ වෙනුවෙන් ආවරණය කර ඇත්තේ ශිරෝමි අබේසිංහ විසිනි.

කෙසේ වුවද, පසුව මහින්ද විසින් රෝහල් ඇඳමත සිටිමින් ෆොන්සේකාගේ නඩු තීන්දුවට අදාල පුවත සංස්කරණය කර, මේකේ වචනයක්වත් නොකපා පළ කරන ලෙස සිය පහළ නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඔහු රෝහලට රැගෙන ආ සහෝදර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද මේ සිද්ධිය දැක ඇති අතර, ඔවුන් දෙසට හැරුනු මහින්ද, ‘අවුරුදු ගාණක් කඬේ ගිහින් මේක ඇනුනොත් ඉඳල වැඩක් නෑ’ යනුවෙන් පැවසූ බවද වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර මහින්දගේ මාධ්‍ය භාවිතයට සම්මාන උළෙලක්ද පැවැත්විණි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත අදහස් දැක් වූ මහින්ද අබේසුන්දර මහතා ඇයට බැන වැදුණු බව පිළිගත් නමුත් රෝහල් ගත කිරීම සඳහා එය බලපෑවේද යන්න නිශ්චිතවම තමාට ප්‍රකශ කළ නොහැකි බව සඳහන් කළේය. " කවුද අප්පේ ඔවා කියන්නේ ..." මහින්ද අබේසුන්දර මහතා අදාළ පුවත ගැන විමසීමේදී කියා සිටියේය.

" හරියට වැඩේ කරලා නෑ ... නඩු කොපි මොකුත් ගෙනත් නෑ.. ඉතින් වැඩේ හරියට නොකරපු නිසා මම බැන්නා තමයි, " යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.