"යළි පුබුදමු ශ්‍රී ලංකා ආර්ථීක ක්‍රියාමාර්ග නිසා ජනතාවගේ ජීවිත ෂැශේ පැකට් බවට පත්වෙලා"

එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන් "යළි පුබුදමු ශ්‍රී ලංකා" ආර්ථීක මූළධර්ම මත පදනම් වී මහින්ද චින්තන දස අවුරුදු සැළැස්ම සැකසූ මේ ආණ්ඩුව නාස්තිකාර වියදම්, වංචා දූෂණ හා කොල්ලකාරී ආර්ථීක ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම නිසා ජනතාවගේ ජීවිත අද "ෂැශේ පැකට්" වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

එම පක‍ෂයේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී අද (17) උදේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව පැවසීය. 

පසුගිය වසරේ අයවැය කථාව කරමින් ජනාධිපතිවරයා දුන් පොරොන්දු කිහිපයක් මන්ත්‍රීවරයා මතක්කර දුන්නේය. මාධ්‍යවේදීන්ට ලැප්ටොප් පරිඝණක ගැනීමට ණය මුදල් ලබා දෙන බව, හමුදා පවුල්වල තුන්වැනි දරු උපතට රුපියල් ලක‍ෂයක් දෙන බව, රැකියා විරහිත උපාධිධාරීන් 15000 කට රැකියා ලබාදෙන බව, දිළිඳු සහන ආධාරය වැඩි කරදෙන බව ඇතුළු ජනතාවගේ ජීවිත වලට තදින් දැනෙන කිසිඳු ආර්ථීක පොරොන්දුවක් ඉටු නොකර 2012 අයවැය ලේඛණය ඉදිරිපත් කරන බව හෙළි කලේය. රටේ නිෂ්පාදනය වැඩිකර එහි ප්‍රතිලාභ ජනතාව අතට පත්වීමට සලස්වනවා වෙනුවට ආර්ථීක සංවර්ධනයක් ගැන සංඛ්‍යා ලේඛණ පුරාෙජ්රු කියමින් සිටින්නේ යැයි ආණ්ඩුවට චෝදනා කළේය.

ජීවන වියදම් ඉහළ යාමෙන් ජනතාව දැඩි පීඩණයකට පත්වී සිටින්නේ යැයිද එවැනි තත්වයක් තුළ රාජ්‍ය අංශයේ වැටුප් රුපියල් 10000 කින් සහ පෞද්ගලික අංශයේ සේවය කරන ලක‍ෂ 70කගේ වැටුප 40% කින් වැඩි කරන ලෙස ආණ්ඩුවට බලකරන ක්‍රියාමාර්ග දැනටමත් අනුගමනය කරමින් සිටින බව ප්‍රකාශ කළේය. මේ යටතේ 16 වැනිදා කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික වෘතීය සමිති මධ්‍යස්ථානය සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවත් එවැනි විරෝධතා ව්‍යාපාර සහ මහජන රැලි ඉදිරියේදී ප්‍රදේශ ගණනාවක පැවැත්වීමට සැලසුම් කර ඇති බවද හෙළි කලේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා "දක‍ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක් ඉදිකිරීමට රුපියල් මිලියන 770ක් වැය කරන කොට ඇඹිලිපිටිය කඩදාසි කම්හල අවුරුදු 30කට විදේශීය සමාගමකට බදු දුන්නේ රුපියල් මිලියන 600කට. ඊට පස්සෙ ලැජ්ජනැතුව ඒ ඇමතිවරයාම කියනව කන්තලේ සීනි කම්හලත් පෞද්ගලික අංශයට දෙනබව. මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයා බලය ඉල්ලනවිට කීවේ කිසිම රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කරන්නේ නැහැ කියල. දැන් මේ කරමින් ඉන්නේ මොනවා ද? රාජ්‍ය ආයතන තුට්ටු දෙකට විකුණනවා" යැයි සඳහන් කලේය.

එක්සත් ජාතික පක‍ෂය හඳුන්වා දුන් නව ලිබරල්වාදී ආර්ථීක ක්‍රියාමාර්ග එකින් එක වර්තමාන ආණ්ඩුව විසින් හොර රහසේ ක්‍රියාත්මක කරමින් සිටින බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. මේ තුළ අන්ත පීඩණයට පත්වී සිටින ජනතාව අපේක‍ෂා කරන සියලූ සහන සිහින බවට පත්වී තිඛෙන බවද, එහි ප්‍රතිඵලයක් වශයෙන් සියළු මානව සබඳතා බිඳවැටී ඇති බව පෙන්වා දුන්නේය. "පසුගිය දාක දකුණු පළාතේ ගුරුවරියක් ගැන ප්‍රවෘත්ති පලවුනා. අධිකරණයේදී ඇය කියා තිබුනේ තම මහලූ පියා රැක බලා ගත නොහැකි බවයි. මේ ප්‍රවෘත්තිය ගැන සියලූ මාධ්‍ය වාර්තා කර තිබුණේ ගුරුවරිය වැරදිකාරිය බව අඟවලා. නමුත් එකේ තව පැත්තක් තියෙනවා. පළමු ශ්‍රේණියේ පුහුණු ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 22000කට අඩුයි. නමුත් ආණ්ඩුවම කියනවා 4 දෙනෙකුගේ පවුලක මාසික වියදම රුපියල් 42500 ට වැඩි බව. ඉතිං ගුරුවරියක් කොහොමද මේ වගේ අඩු වැටුපකින් පවුලක් නඩත්තු කරන්නේ. මහලූ දෙමව්පියන් රැකබලාගන්නේ." යැයි මන්තී්‍රවරයා ප්‍රශ්න කළේය.

පදවිප්‍රාප්තිය වැනි නාස්තිකාර වියදම් නවත්වා වංචා දූෂණ නවත්වා, මහජන ධනය කොල්ලකෑම නවත්වා, ජනතාවට සහන දිනාදීමේ උද්ඝෝෂණ සහ මහජන රැලි මාලාවක් රටපුරා පවත්වා ජනතාවගේ අයිතීන් දිනාදීමේ අරගලය ජනතා විමුක්ති පෙරමුණ අරඹා ඇති බව මන්තී්‍රවරයා මෙහිදී හෙළි කළේය.

නොවැබර් 24 සිට ජනතා උද්ඝෝෂණ පටන්ගන්නවා. අනුරාධපුරේදී පා ගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් එය ආරම්භ කරනවා. නොවැම්බර් 25 දැනුවත් කිරීමේ පති්‍රකා රට පුරා ඛෙදාහැරීම, නොවැම්බර් 28 වැනිද අම්බලන්ගොඩ නගරයේදී පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීම, නොවැම්බර් 30 වැනිදා සාමජවාදී තරුණ සංගමය මෙහෙයවීමෙන් රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන ලෙස බලකරමින් කොළඹ නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීම, දෙසැම්බර් 04 වැනිද කිරිබත්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීම, දෙසැම්බර් 06 වැනිදා බදුල්ල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම්කර ඇතැයි ද දෙසැම්බර් 05 මාතර නගරයේදී ජන රැලියක් පැවැත්වෙන බවද දෙසැම්බර් 07 කෑගල්ල නගරයේදී ජන රැලියක් පැවැත්වෙන බවද හෙළි කලේය.