බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් සිය මිතුරා වූ ඇඩම් ව්රිටි නිසා තවදුරත් දැඩි අපහසුතාවයට ලක් වෙමින් සිටියි. පහත තොරතුරු චැනල් 04 ප්‍රවුර්ති සේවයට ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ විශ්වසනීය මුලාශ්‍රයන් විසිනි. එනම් ශ්‍රී ලංකා ආණ්ඩුව තම රටට ලියම් ෆොක්ස් සමග පැමිණි ඔහුගේ මිතුරා වූ අඩම්ට බ්‍රිතාන්‍ය සමග අවි ගනු දෙනුකිරිම පිළිබද කටයුතු සලසන්නැයි කියා ඇත.
මේ දෙදෙනා දශකයක කාලයක් පුරා සෑම වසරකම එකට ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව වාර්තා වේ. මේ අනුව ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් ශ්‍රී ලංකා ආණ්ඩුවට සහය දැක්වූ බව පැහැදිලිය. ලියම්ගේ යහළුවාගේ ශ්‍රී ලංකා සංචාරයන්ට ශ්‍රී ලංකා ආණ්ඩුව වියදම් කල බවටද චෝදනා එල්ල වේ.
2009 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්දය නිමාවට පත් විය. එහිදී සාමාන්‍ය වැසියන් 40,000 ක් මියගිය බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි. මෙහිදී ලියම්ගේ මිතුරා රාජපක්ෂ ආණ්ඩුවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහල නැංවීමට කටයුතු කල බවට එල්ලවන තවත් චෝදනාවකි.
Post a Comment