| අමිල ගුණරත්න
මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේදී ඇති වූ ගැටුමෙන් මියගිය භාරත ලක්ෂ්මන් මහතාගේ මරණයට වග කිව යුතු දෙමටගොඩ චමින්ද සහ තත්පර කට්ටා යන පාතාල මහත්වරුන් සැඟවී සිටින ස්ථාන ගැන පොලිසිය මේ දිනවල විමසිලිමත් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙකු වන දුමින්ද සිල්වා මැතිතුමා සමග නිතර දෙවේලේ ගැවසුණු මෙම මහතුන් දෙපල බොරැල්ල මැගසින් පාර, දෙමටගොඩ, බ්ලූමැන්ඩල් පාර ආදී කොළඹ ප්‍රදේශ කිහිපයක මත්කුඩු ජාවාරම ඇතුළු නොයෙක් පාතාල ක්‍රියාකාරකම්වල යෙදී සිටින ගමන් ඉඳහිට පුණ්‍ය කටයුතු වලද යෙදී සිටි බව ප්‍රදේශවාසීහු පවසති. නිතරම ටී 56 , පිස්තෝල වැනි කෙළි භාණ්ඩ අතැතිව දුමින්ද සිල්වා මැතිතුමා සමග වීදි සංචාර කල මෙම ගරු කටයුතු මහත්වරු දෙපොල නිතරම නවගුණවැල ගණන් කරමින් සිටි බව සාක්ෂිකරුවෝ කොඳුරති. ආරක්ෂක ලේකම්වරයාගේ කිට්ටු හිතවතෙකු වන දුමින්ද සිල්වා මැතිතුමා දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින නිසා එතුමාගෙන් ඔවුන් සිටින ස්ථානය ගැන අසා දැන ගැනීමට ගිය පොලිසියට රෝහලේ වෛද්‍යවරු බාධා කල බව වාර්තාවේ. දෙමටගොඩ චමින්ද සහ තත්පර කට්ටා යන මහතුන් දෙදෙන දැනට තමන්ගේ සුපුරුදු වාසස්ථාන වල නොමැති අතර මොවුන් දැනට විවේක සුවයෙන් ප්‍රබල දේශපාලකයෙකුගේ නිවසක සිටින බවට පොලිසිය අනුමාන කරයි. මොවුන් අත්අඩංගුවට ගැනීම වහ කෑමක් සහ පහසුවෙන් මාරුවක් ලබා ගැනීමට හේතු වාසනා වන බැවින් පොලිසිය දැනට හොරගල් අහුලමින් සිටිති.
Post a Comment