බැසිලුයි - මහින්දයි මගෙ සාක්කුවේ ඉන්නෙ - මීගමුව නගරාධිපති පත් කිරීම ගැන නිමල් ලාන්සා
| විශේෂ වාර්තාකරුවෙකු විසිනි
මීගමුව නගර සභා මැතිවරණයට තරග වදින ලද පලාත් සභා අමාත්‍ය නිමල් ලාන්සාගේ සොහොයුරා වන දයාන් ලාන්සාට මීගමුව පුරපති තනතුර දීම සම්බන්ධව මේ වන විටත් මතබේදාත්මක තත්වයක් ඇති වී තිඛෙන අතර දූෂණ හා සමාජ විරෝධී ක්‍රියා රාශියක් කරමින් සිටින දයාන් ලාන්සා පුරපති බවට පත්වීමෙන් මීගමුව නගරය විනාශ වී දූෂිත නගරයක් වන බවට බොහො දෙනෙකුගේ අදහස වී තිබේ. මේ නිසාම මීගමුව ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න, දයාන් ලාන්සාට පුරපති තනතුර දීමට දැඩි සේ විරෝධය පා ඇති බව දැනගන්නට ලැබේ. මනාප 14,000 ක් ලබා දයාන් ලාන්සා ඉදිරියෙන් සිටින්නේ සිය සොහොයුරා වන නිමල් ලාන්සාගේ ආධාරය ලැබූ නිසා බව කවුරුත් දන්නා කාරණයකි.
මීගමුව කතෝලික බැතිමතුන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් බැවින් එහි මනාප වලින් දෙවැනි තැනට පැමිණ සිටින සකාවුල්ලා පුරපති ලෙස පත් කිරීමටද බොහෝ කතෝලික පියවරු විරෝධය පා ඇති අතර කතෝලික පියවරුන් වැඩි දෙනෙකුගේ කැමැත්ත වී ඇත්තේ තුන්වන ස්ථානය දිනා ඇති තරුණ කතෝලික අපේක්ෂකයෙකු වන චාමර රුද්‍රිගු පුරපති කිරීම සඳහාය. ඔවුන් මේ වන විටත් ඒ සඳහා බලපෑම් කරමින් සිටින බවත් දයාන් ලාන්සා කතෝලිකයෙකු වුවද කතෝලික ගුන ධර්ම විනාශ වන අන්දමින් හැසිරෙන මැරයෙකු නිසා මීගමුව විනාශ විය හැකි බවද එම පියවරු පෙන්වා දෙමින් සිටිති.
නමුත් තමන්ගේ බලය භාවිතා කරමින් ප්‍රධාන පෙළේ කතෝලික පියවරුන් කිහිප දෙනෙකු බිලී බා ගනිමින් කාදිනල් වරයාට බලපෑම් කිරීමට මේ වන විටත් පලාත් සභා අමාත්‍ය නිමල් ලාන්සා කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ. තම සොහොයුරා සිය දුසිරිත්වලින් ඉවත්ව යහපත් මාර්ගයට පිවිසීමට පොරොන්දු වන බව පවසමින් දයාන් ලාන්සා පුරපති කිරීම සඳහා මේ වන විටත් නිමල් ලාන්සා උත්සහ කරමින් සිටින බවද
වාර්තාවේ.
එසේම පසුගියදා පලාත් සභා අමාත්‍යවරුන් හා මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු ඉදිරියේදී — සරත් තාම මම කවුද කියලා හරියට දන්නෙ නැහැ.. මම ඒකව බැසිල්ගෙන් කපලා ඉවරයි... ජනාධිපතිත් මිනිහව දෙකේ කොලේට දාලා තියෙන්නෙ... දැන් බැසිලුයි මහින්දයි දෙන්නම මගේ සාක්කුවේ ඉන්නෙ.. මට මල්ලිව සභාපති කරන්න බැරි වුනොත් උඹලා මට ඉජු ඉජු කියපල්ලා.... මම මල්ලිව දානවා විතරක් නෙවෙයි සරත්ව මීගමුවෙනුත් එලවලයි පස්ස බලන්නෙ...˜ යනුවෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.
දයාන් ලාන්සා පුරපති කිරීමට මීගමුව ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න දැඩි විරෝධයක් දක්වා ඇති අතර යම් හෙයකින් තමන්ට ඉහලින් එසේ දයාන් ලාන්සා පත්වුවහොත් තමා ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වන බවද ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ලැබේ.
Post a Comment