පලස්තීනයට සම්පුර්න නිදහස ඉල්ලීමේ සටන ඇරඹේ

කිෂානි වැලිවිටිගොඩ

පලස්තීන ජනතාවගේ විමුක්ති සංවිධානය හෙවත් P. L. O. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ගොස් තම සම්පුර්ණ ස්වාධිනත්වය පිලි ගෙන ජගත් සංවිධානයේ පුර්ණ සාමාජිකයෙකු ලෙස පිලි ගන්නා ලෙසට අභියෝග කිරීමට නියමිතය.

ආදාළ නිවේදනය එම සංවිධානයේ මධ්‍යම කාරක සභිකයෙකු වන මොහොමඩ් ශාට්‍ය අද රම්මල්ලා නුවර පවතී පුවත් සාකච්චාවකදී ප්‍රකාශ කළේය.

1967 දේශ සීමා ප්‍රකාරව තමන්ගේ ස්වාධිනත්වයට හිමි එක්සත් ජාතීන්ගේ පුර්ණ සාමාජිකත්වය සඳහා මහා මණ්ඩලයට මෙන්ම ආරක්ෂක කවුන්සිලය වෙත අපි යන්නෙමු යයි හෙතෙම ප්‍රකාශ කළේය.

පලස්තීන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් ආදාළ ඉල්ලීම පිළිබඳව එළබෙන සිකුරාදා රම්මල්ලා නුවරදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එ

ක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුර්ණ සාමාජිකත්වය ලැබුනහොත් මහා මණ්ඩලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට මෙන්ම ජාත්‍යන්තරයේ අපරාධ අධිකරණයේදී සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකත්වය හිමි වේ.

කෙසේ වෙතත් මහා මණ්ඩලයේ 3/2 ක බලය P. L. O සංවිධානයට ලැබීමේ ඉඩ කඩ සැක සහිතය. මේ වන විට රටවල් 120 ක සහාය දක්වන බවට පොරොන්දු වී ඇතත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංවිධානය පලස්තීනයේ ඉල්ලීම සඳහා ප්‍රසාදය පල කොට නැත.

ඒ වෙනුවට ඔවුන් සඳහන් කරන්නේ ඊශ්‍රාලය සමග සාකච්චා මාර්ගයට අවතීරණය විය හැකි ක්‍රමයක් වෙත යොමු විය හැකි බවයි. මේ අතර හමාස් සංවිධානයේ ජේෂ්ට නිලධාරියකු වන සලා බාර්දවිල් ජනාධිපති අබ්බාස් ගේ ඉල්ලීම විවේචනය කල අතර එය පලස්තීනයේ ගැටළු විසඳීමට ඉවහල් නොවන බවට ප්‍රකාශ කළේය.

"ඔස්ලෝ ගිවිසුම වගේම මේකත් අබ්බාස්ගේ තනි තීරණයක්. ඒ ගොල්ලෝ මහා මණ්ඩලයට ගියත් ආරක්ෂක මණ්ඩලයට ගියත් පලස්තීනයට කිසිම වෙනසක් වෙන්නේ නෑ "යි සලා 1993 ඔස්ලෝ එකඟතාවය උදාහරණයට ගනිමින් ප්‍රකාශ කළේය.

Tell a Friend