"බනානා" ජනරජයේ කෙසෙල් වැනසීම සහ ඉඩම් මංකොල්ලය

හර්ෂි සි. පෙරේරා

ඇයි අපි කැවන්දිස් වලට විරුද්ද විය යුත්තේ? එකක් රෝග වැළදීමේ හැකියාව වැඩියි. එක් පැලයකට රුපියල් 200 ක පමණ පලිබෝදක නාශක යෙදිය යුතුය. වැඩි ශ්‍රමයක් අවශ්‍ය වේ. අවසානයේ අපේ රසයෙන් ගුණයෙන් හෙබි කෙසෙල් වෙනුවට වස විස බහුල කෙසෙල් කෑමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාවේ කෙසෙල් ප්‍රබේද 35 ක් පමණ ඇත. ඒ නිසා අපට විවිද රසයෙන් ගුණයෙන් යුක්ත කෙසෙල් ගෙඩි කෑමේ හැකියාව ලැබී ඇතිමුත් ඒ සියල්ල අනාගතයේ සිහිනයක් වීමේ තත්වයට කරුණු කාරණා යෙදී තිබේ.

ඒ ගොවින් කැවන්දිස් වගාවට යොමු කර ගැනීම තුල අපේ කෙසෙල් ප්‍රබේද 35 මුළුමනින්ම වදවී යාමේ තර්ජනයක් උද්ගතව ඇති බැවිනි.

ඇයි අපි කැවන්දිස් වලට විරුද්ද විය යුත්තේ? එකක් රෝග වැළදීමේ හැකියාව වැඩියි. එක් පැලයකට රුපියල් 200 ක පමණ පලිබෝදක නාශක යෙදිය යුතුය. වැඩි ශ්‍රමයක් අවශ්‍ය වේ. අවසානයේ අපේ රසයෙන් ගුණයෙන් හෙබි කෙසෙල් වෙනුවට වස විස බහුල කෙසෙල් කෑමට සිදුවනු ඇත.

මේ කැවන්දිස් වගාව නිසා විශාල ඉඩම් මංකොල්ලයක් සිදුවේ. ඒ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ චුන්දන්කදු රක්ෂිතය සහ චුන්දන්කන්දු යෝජිත රක්ෂිතයේ අක්කර 15000 ක් , බුත්තල සහ කුඩා ඔය දැනට ආරම්බ කර ඇති වියපෘති සහ කන්දකඩුව වැඩ ආරම්බ කර ඇති අක්කර 10000 ක් වූ බුමිය වශයෙනි.

තවද විශාල වනාන්තර විනාශවීමක්, වැවු වලට හානිවීම ජනරංජන වැව සහ සුරිය වැව ඇතුළුව, අලි ඇතුන් 100 ක් පමණ ගැවසෙන සෝමාවතී ජාතික වන උද්‍යානයද වේ.

මේ ගැන සත්‍ය තොරතුරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. ශරීරයට විෂ පලතුරු ප්‍රතික්ෂේප කිරීමටත් ඉඩම් ශාක සහ සත්ව සම්පත රැක ගැනීමේ අයිතියත් ඔවුන්ට ඇත. අද මෙන්ම හෙටත් අනිද්දාත් හැමදාමත් හොදින් ජීවත්වීමට ශ්‍රී ලාංකීය අපි අපේ දේ රැක ගනිමු.

Tell a Friend