හරිත විප්ලවය හරහා ශ්‍රී ලාංකීය කෘෂි ප්‍රජාවට ගෙනා මිත්‍යාව වුයේ රසායන ද්රවිය මගින් වැඩි අස්වැන්නක් ලැබෙන බවත් එමගින් ගොවියන්ගේ ආදායම ඉහල යන බවත්ය. අරම්බක යුගයේ රසායනික පොහොර ඉතා අඩු මුදලකට නොමිලේ ලබා දෙන ලදී. නමුත් එමගින් පස මරා දැමීමත් පසේ සිදුවූ පොහොර නිපදවීමේ ක්‍රියාවලියත් බිද වැටිණි.
හර්ෂි සි. පෙරේරා
වසර 2500 ක ඉතිහාසයක සිට ශ්‍රී ලංකාව ප්‍රසිද්දියක් ඉසුලුවේ කෘෂිකාර්මික රටක් ලෙසයි. නමුත් මේවන විට වසර 50 කට වැඩි කාලයක් තිස්සේ හරිත විප්ලවය විසින් අපේ ගොවිතැන ගොදුරක් කරගෙන ඇත.
නිදහසින් පසු බලයට පත් වූ සෑම රජයක්ම ලබා දුන් උපදෙස් සහ ක්‍රියාමාර්ග ගොවිතැන දියුණු කිරීම වෙනුවට කලේ එය අර්බුදයකට ඇද දැමීමයි.
යුරොපියන්ගේ ආක්‍රමණයෙන් පසු අපේ ගොවිතැන කෘෂිකර්මය බවට පත් විය. අපේ සම්ප්‍රදායික කෘෂිකර්මයේදී කෘතීම පොහොර හෝ රසායන ද්‍රව්‍ය බාවිතා කලේ නැත. ඊට හේතුවුයේ අපේ සාම්ප්‍රදායික කෘෂිකර්ම වහර පරිසර හිතකාමී එකක් වීමයි.
අද පවතින කෘෂිකර්මය හරිත විප්ලවය හරහා බහු ජාතික සමාගම් විසින් හදුන්වා දෙනු ලැබුවකි. එහිදී සමාරම්බක පියවර හැටියට කලේ අපේ බිමට ගැලපෙන වී ප්‍රබේද ඉවත්කර වැඩි අස්වැන්නක් ගැන සිහින පෙන්වා දෙමින් අයි ආර් 8 වැනි ආගන්තුක වී ප්‍රබේද හදුන්වා දීමයි. එහි ප්‍රතිපලය මෙතෙක් පරිසරය සමග බැදුණු ගොවිතැන වනසා දැමීමයි. මින් සිදුවුයේ ගොවිතැන රසායන ද්රවිය මත යැපෙන තත්වයට පත් වීමය. එනම් පස මගින් සිදුකල ස්වාබාවික ක්‍රියාවලිය නතර කෙරිණි.
හරිත විප්ලවය හරහා ශ්‍රී ලාංකීය කෘෂි ප්‍රජාවට ගෙනා මිත්‍යාව වුයේ රසායන ද්රවිය මගින් වැඩි අස්වැන්නක් ලැබෙන බවත් එමගින් ගොවියන්ගේ ආදායම ඉහල යන බවත්ය. අරම්බක යුගයේ රසායනික පොහොර ඉතා අඩු මුදලකට නොමිලේ ලබා දෙන ලදී. නමුත් එමගින් පස මරා දැමීමත් පසේ සිදුවූ පොහොර නිපදවීමේ ක්‍රියාවලියත් බිද වැටිණි.
බහු ජාතික සමගාමී කල් යල් බලා පොහොර මිල සහ පලිබෝද නාශක මිල ඉහල දැමිය. රසායනික පොහොර මත පමණක් බෝග වැඩිම නිසාත් එකම වර්ගයේ පෝෂණ කොටස් ශාක වලට ලැබීම නිසාත් ඇතැම් ලෙඩ රෝග වලට එම ශාක පහසුවෙන් ගොදුරු විය. එලෙසම පලිබෝදකයින්ටත් පහසුවෙන් ගොදුරු විය. අද වනවිට මහා පරිමාණයෙන් පලිබෝදනාශක යෙදිමෙන් තොරව ගොවිතැන් කල නොහැකි තත්වයක් උද්ගතව ඇත.
ඇත්තෙන්ම අද මේ ගොවිතැන මගින් මෙරට ආහාර අවශ්‍යතාවන් සපුරා තිබේද? හරිත විප්ලවය මගින් හදුන්වා දුන් ගොවිතැන අපේ පරිසරය සහ ගොවියාගේ ජිවන තත්වය විනාශ කර දමා තිබේ. අනෙක් අතින් එමගින් ගොවිතැන දියුණුවී රට සංවර්දනය කරා යාම වෙනුවට දැවැන්ත ලෙස නය වූ රටක් මෙන්ම නය නොමැතිව ගෙනයා නොහැකි පරාදීන රටක් බවට අද වනවිට අප රට පත්වී තිබේ.
එමෙන්ම අනුරාදපුර, පොලොන්නරුව ඇතුළු සාම්ප්‍රදායික ගොවිබිම්වල ජනතාව කෘෂිරසායන බාවිතයේ ප්‍රතිපලයක් ලෙස දිනෙන් දින වකුගඩු පිළිකා වැනි රෝග තත්වයන්ට පත්වෙමින් ඇත. දේශයට බත සැපයු ගොවියා මර ඇදට වැටී හඩන මොහොතක මියගිය සාම්ප්‍රදායික ගොවිතැනට පනදීමේ කාර්යබාරය දැන්වත් ආරම්බ කල යුතුය. ඒ සදහා අප තවමත් ප්‍රමාද නැත. මේ සදහා අප මෙන්ම මේ උගුලේ සිරවී සිට අද ඉතා සාර්ථකව ඒ උගුලෙන් ගැලවෙමින් සිටින මැලේසියාව, ඉන්දුනීසියාව, කොරියාව මෙන්ම ඉන්දියාව වැනි රටවල
අනුගමනය කරන ක්‍රියාමාර්ග අද අප යායුතු මග පිළිබද හොද මග පෙන්වීමක් වී ඇත.

Post a Comment