අමිල ගුණරත්න
අපගේ හිත මිත්‍ර මාධ්‍යවේදී අජිත් අලහකෝන් 2011 සැප්තැම්බර් 5 දින දිවයින පුවත්පතේ මෙසේ පුවතක් පල කරයි.
රත්මලානේ ප්‍රබල දේශපාලකයෙක් වාරිමාර්ග දෙපාර්තමේන්තු නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න හදලා
අජිත් අලහකෝන්
රත්මලාන ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙක් තම හිතවතුන් පිරිසක් සමඟ එම ප්‍රදේශයේ පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නිවසක ඉබි යතුරු කඩා ඊට ඇතුල්වීමට ගත් උත්සාහය අවට පදිංචිකරුවන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ කර ඇත නියෝජනය කරන මෙම දේශපාලනඥයා 31 වැනිදා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පදිංචිව සිටි නිවසට ඔහු නොමැති අවස්‌ථාවක ඇතුළුවීමට උත්සාහ ගෙන ඇත. දින කිහිපයක සිට එම නිවස වසා තැබීම නිසා ඉහත දේශපාලනඥයාට හිතවත් පිරිසක් එහි පදිංචි කරවීමේ අරමුණ ඇතිව නිවසේ ඉබි යතුරු කඩා ඊට ඇතුළුවීමට උත්සාහ කළ බව ප්‍රදේශවාසීහු පවසති. කෙසේ වෙතත් මේ සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය විෂය භාර ඇමැතිවරයාට ද පැමිණිලි කළ බව එම සංගමයේ ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවැසීය.
පසු සටහන
අනේ අජිත් අයියේ ඔය පාහර වැඩේ කලේ පිළියන්දල නාම්පමුණුව මිනීමරුමට චෝදනා ලද දැන් රත්මලාන එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධායක චන්දන කස්ත්රිආරච්චි, උගේ නම කියන්න ඇයි බය ?

Post a Comment