චාර්ලි චැප්ලින් විසින් නිර්මාණය කරන ලද " ද ග්‍රේට් ඩික්ටෙටර් " චිත්‍රපටයේ කරණවෑමියෙකුගේ චරිතය රඟ පාන චාර්ලි චැප්ලින් එහි අවසානයේදී සිදු කරනු ලබන කතාවක සිංහල පරිවර්තනයි මේ. චිත්‍රපටයට වස්තු බීජය වී ඇත්තේ නාසි වාදය සහ ඇඩොල්ෆ් හිට්ලර්ය. එහි ද්විත්ව චරිත නිරූපණය කරන චාර්ලි චැප්ලින් කරණවෑමියෙකු ලෙසද ආඥාදායකයකු ලෙස ද රඟපානු ලබයි . කරණවෑමියා යුදෙව්වෙකු වන අතර ආඥාදායකයා ආර්යය ජාතිකයකු වේ. චිත්‍රපටය පුරාවටම යුදෙව් සහ ආර්යය ගැටුම ඉතා හාස්‍ය ජනක නමුත් ගැඹුරු අර්ථ නිරුපනයකින් යුක්තව හිට්ලර් යටතේ ජර්මිනියේ සිදු වූ දේශපාලන විකාශනය පෙන්වනු ලබයි. චිත්‍රපටය අවසානයේදී අත් වැරද්දකින් සැබෑ ආඥාදායකයා අත්අඩංගුවට පත් වේ. පසුව ආඥාදායකගේ හිටපු හමුදා ප්‍රධානියෙකු සමග මිතුරු වී සිටින කරණවෑමියා ආඥාදායකයා බවට පත් වන්නේ ඔහුට අඥාදායකයාගේ රුව එලෙසම ලැබී තිබු හෙයිනි. "ද ග්‍රේට් ඩික්ටෙටර් " 1940 ඔක්තෝම්බර් මාසයේදී තිර ගත කරන ලදී. චැප්ලින්ගේ අනෙක් චිත්‍රපට මෙන්ම මෙම චිත්‍රපටයද රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ඔහුගේමය. මෙම චිත්‍රපටය ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය මෙය වේ.
බලාපොරොත්තුව.... මට කණගාටුයි.. මට අධිරාජ්‍යයෙක් වීමට අවශ්‍ය නෑ. ඒක මගේ රාජකාරිය නෙමෙයි. මට කිසිවෙකුත් යටත් කරගෙන පාලනය කරන්න අවශ්‍යතාවයක් නෑ. මම හැකිනම් හැමෝටමටම උදව් කළ යුතුයි. යුදෙව්වන්ට, යුදෙව්වන් නොවන අයට, කළු මිනිසාට සහ සුදු මිනිසාට ඇතුළු හැමෝටම. අපි හැමෝටම ඕනේ තව කාට හරි උදව් කරන්න. මිනිස්සු වුණාම එහෙම තමයි.
අපිට ඕනේ අනෙක් අයගේ සතුට එක්ක ජීවත් වෙන්න මිසක් අනෙක් අයගේ දුක එක්ක ජීවත් වෙන්න නෙමෙයි. අපි කාටවත් වෛර කරන්නවත් අනෙක් අයව පහත් කොට සලකන්නවත් ඕනේ නෑ. මේ ලෝකයේ හැමෝටම තැනක් තියෙනවා, මේ පොළෝ තලය පොහොසත් සහ හැමෝටම සැපයීම කරන්න පුළුවන්.
මේ ජීවිතය යන මග නිදහස් ලස්සන දෙයක් කරගන්න පුළුවන්.
නමුත් අපි ඒ මාර්ගය නැති කරගත්තා.
කෑදරකම මිනිසාගේ ආත්මයට විෂ එන්නත් කිරීම මගින් අපි සියල්ලම ද්වේශ සහගත වූ කාලකන්ණින් ලෙස ලේ වැගිරීම් වෙත තල්ලු වී තිබෙනවා. අපි වේගය දියුණු කළා නමුත් අපි අපි තුළට යෑම වසා තැබුවා. ඒ නිසා යන්ත්‍ර මගින් සමුර්ධිය ලබා දුන් නමුත් අපි අප තුළට ඔනෑ දේ මඟ හැර තිබෙනවා. අපේ දැනුම අපිව නොරුස්සන පිරිසක් බවට පත් කර තිබෙනවා. අපේ දක්ෂතාවය අප්‍රසන්න කඩෝර, කර්කශ බව, කෲර බව මෙන්ම අකාරුණික බව පෙන්වා තිබෙනවා. අපි ගොඩාක් හිතනවා නමුත් අපි සුළුවෙන් සංවේදී වෙනවා. යාන්ත්‍රිකරණය වීමට වඩා අපට අවශ්‍ය මානුෂික වීමයි. කෞශල්‍ය බවට වඩා අපට අවශ්‍ය කරුණාවන්ත සහ මහත්මා බවයි. මෙම ගති ගුණ නොමැති තැන ජීවිතය ප්‍රචණ්ඩ වනු ඇත. අප සතු සියල්ලම අපට අහිමි වනු ඇත.
අහස් යානා සහ රේඩියෝව අපිව සමීප කළා. මෙම සොයා ගැනීම් වල ස්වභාවය අනවශ්‍ය ලෙස භාවිත කිරීමෙන් මිනිසුන්ගේ යහ ගුණ අහිමි කළා මෙන්ම විශ්වීය සහෝදරත්වය මගින් එකමුතු වීම අහිමි විය. එසේම දැන් මගේ හඬ ලෝකය පුරාම මිලියන ගණනකට ඇසෙනවා. ලෝකය පුරා වෙසෙන බලාපොරොත්තු රහිත වූ මිනිසුන්, කාන්තාවන්, කුඩා දරුවන් වන සමාජ ක්‍රමයෙ විසින් වධ හිංසා වලට ගොදුරු කොට සිරගත කළ අහිංසක මිනිසුන් මිලියන ගණනකට මගේ හඬ දැන් ඇසෙනවා. මගේ හඬ ඇහෙන හැම දෙනෙකුටම මම කියන්න කැමති බලාපොරොත්තු නැති කර ගන්න එපා.
අපේ තණ්හාව විසින් අපිව කාලකන්නින් බවට පත් කර තිබෙනවා. මෙකි අමිහිරි බව ඔස්සේ මනුෂ්‍ය ප්‍රගතිය බියට පත් කොට තිබෙනවා. නමුත් අපව දුකට පත් කළ කාලය අවසන්. ආඥාදායකයන් මිය යයි. ඔවුන් ඩහ ගත් බලය ආපසු ජනතාව වෙත ලබා දෙයි. මිනිසා මිය ගියද විමුක්තිය කිසි දිනක දිරාපත් නොවේ.
සෙබළුනි --- ඔබේ ජීවිත, ඔබව බාල්දු කර, යටත් කර, වහල් භාවයට පමුණුවා ගත්, රෙජිමේන්තු ගත කර, ඔබ කළ යුත්තේ මොනවාද, සිතිය යුත්තේ මොනවාද, සංවේදී විය යුත්තේමොනවාටද කියා බලපෑම් කර ඔබව හාරා දැමු, බඩගින්නේ තැබූ, හරකුන්ට මෙන් සැලකූ, සටන් කරන සත්වයින් යයි සිතු, අවිචාරයින්ට පාවා දෙන්න එපා.
ඔබේ ජීවිත මෙකි අස්වාභාවික යාන්ත්‍රික මනස සහ යාන්ත්‍රික හදවත් ඇති උන්ට පාවා දෙන්න එපා. ඔබලා යන්ත්‍ර නොවේ. ඔබලා ගවයින් නෙමෙයි. ඔබලා මිනිසුන් ය. ඔබලාගේ හදවත් තුළ මානුෂිකත්වය නමැති ආදරය තිබේ. ඔබ කාටවත් ද්වේශ කරන්නේ නෑ. එසේ කරනවා නම් කරන්නේ අනාදරය නිසා පමණයි, අස්වාභාවික නිසා පමණයි.
සෙබළුනි - වහල් බාවය සඳහා නොව විමුක්තිය සඳහා සටන් කරනු.
ශුද්ධ වූ ලුක් හි 17 වෙනි පරිච්චේදයේ ලියා ඇති පරිදි , "දෙවියන්වහන්සේගේ රාජධානියේ ඇත්තේ මිනිසා තුළය." එක මිනිසෙකු තුළ නොවේ, මිනිසුන් කණ්ඩායමක් තුළද නොවේ, නමුත් හැම මිනිසෙකු තුළමය. ඔබ තුළමය, මේ වටා සිටින හැම මිනිසෙකුම තුළය.
තමුන්නාසේලාට බලය තිබේ, යන්ත්‍ර නිර්මාණය කිරීමේ බලය තිබේ, සතුට නිර්මාණය කිරීමේ බලය තිබේ. තමුන්නාසේලාට ජීවිත ලස්සන කිරීමට සහ නිවහල් කිරීමට ආශ්ර්යවත් කිරීමට බලය තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එකී බලය පාවිච්චිකොට අප සියල්ලටම එකමුතු වීමට ඉඩ හරිමු. මිනිසුන්ට වැඩ කළ හැකි විනීත වූ නව ලෝකයක් නිර්මාණය කර අපේ අනාගතය, ඉතිහාසය, ආරක්ෂාව සහතික කරමු. දැන් අපි මෙකි පොරොන්දුව සාක්ෂාත් කරගැනීම සඳහා සටන් කරමු. ජාතික වශයෙන් ඇති බාධා ඉවත් කොට, තන්හාව, ද්වේශය , නොඉවසීම ඉවත දමා මේ ලෝකය නිදහස් කරගැනීම සඳහා සටන් කරමු. හේතුවක් ඇති ලෝකයක් වෙනුවෙන් විද්‍යාව සහ ප්‍රගතිය මිනිසාගේ සතුට සඳහා නායකත්වය ලබා දෙන ලෝකයක් වෙනුවෙන් සටන් කරමු.
සෙබළුනි - ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අපි සියල්ලම එකතු වෙමු.
ඉහල බලනු! ඉර විසින් වලාකුළු දෙකඩ කරමින් තිබේ. අපි සියල්ලම අඳුරෙන් එලියට පැමිණෙමින් සිටිමු. අපි නව ලෝකයකට පැමිණෙමින් සිටිමු. ඒ නව ලෝකය තුළ ද්වේශය සහ මිලේච්චත්වය පාගා දමා මිනිසා ජීවත් වනු ඇත.
මිනිසාගේ ආත්මයට පියාපත් ලැබී ඇත. දැන් ඔහුට පියාඹිමට හැකිය. ඔහු දේදුන්න තුළින් පියඹා යනු ඇත. බලාපොරොත්තුව නමැති ආලෝකය තුළට පියඹා යනු ඇත. ඔබට මට සේම අපි සියල්ලටම අයිති අනාගතයක්, ඉසුරුමත් අනාගතයක් වෙතට ගමන් කරනු ඇත.