ග්‍රීසිය : ණය අර්බුධය නිසා අගමැති ඇමෙරිකානු සංචාරය නවතා දමයි

කිෂානි වැලිවිටිගොඩ

ග්‍රීසියේ අගමැති ජෝර්ජ් පැපන්ද්රියෝ එක්සත් ජනපදයේ සිදු කිරීමට නියමිතව තිබු සංචාරය රටේ පවතින ණය අර්බුදය නිසා නවතා දැමීමට තීන්දු කල බව එරට ආණ්ඩුවේ මාද්‍ය වාර්තා මීට සුළු වේලාවකට පෙර වාර්තා කළේය. ආණ්ඩුවේ රුපවාහිනිය වාර්තා කල පරිදි ආර්ථික ඇමති ඉවන්ජලොස් වෙනිසිලොස් සමග සාකච්චා කිරීමෙන් පසුව අගමැතිවරයා ආදාළ සංචාරය නවතා දමා ඇත.

අගමැති ජෝර්ජ් නිව් යෝර්ක් හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රැස්වීමට සහභාගී වීමට සැලසුම් කොට තිබුණි. ආදාළ තීරණයේ ගැනීමට මුලික හේතුව වුයේ යුරෝපානු සංගම් නායකයින් ග්‍රීසියේ ණය අර්බුදය විසදීමට ලබා දෙන ණය මුදල ලබා දීමට ප්‍රමාද වන බවට දැනගත් පසුවය.

යුරෝ බිලියන 8 ක් පමණ වන ආදාළ ණය මුදල ලබා දෙන්නේද නොදෙන්නේද යන බව ඔක්තෝම්බර් මාසයේ තීරණය කරනු ඇත. ආදාළ ප්‍රශ්න විසදන තුරු තමා රටෙන් බැහැරව නොයායුතු බව අගමැති වරයා තරයේ විශ්වාස කරන බවට ආණ්ඩුවේ ප්‍රකාශක ඉලියෝස් මොසේයිලොස් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

Tell a Friend