ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ තවත් දින කිහිපයකින් නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන මහා මණ්ඩලයේ සමුළුවට සහභාගී වීමට නියමිතය. අදාළ සමුළුවට යෑමෙන් ඔහුට දේශපාලනික වශයෙන් කිසිඳු යහපතක් උදා නොවනු ඇති අතර ඔහුට එරෙහිව ඇති මානව හිමිකම් කඩ කිරීම් ඇතුළු චෝදනා නිසා ඔහුගේ සංචාරය කිසිම ආකාරයකින් සාමකාමී එකක් නොවනු ඇත. නමුත් ඔහුගේ සතුරු පාර්ශවය අදාළ සංචාරය මනාව යොදා ගනු ඇත. එසේම ඔහු වටේ සිටින ඔහුගෙන් තම අදායම තරකරගත් පිරිසට " නිව් යෝර්ක්" නුවර පිහිටි රාත්‍රී සමාජ ශාලා සහ සාප්පු සංකීරණ වලට යෑම සඳහා තවත් අවස්ථාවක් ලබා දෙනු ඇත. ඔවුන්ගේ විනෝදාස්වාදය ගැන අපට කිසිම ඉරිසියාවක් නැත, නමුත් රටේ කන්න නැතුව දහ දුක් විඳින අහිංසක ජනතාවගේ බදු මුදලින් මෙසේ කරන විකාර රූපී කටයුතු ගැන විමසිය යුතුය. රටේ නායකයාට හෝ ජනතාවට සුගතියක් නොලැබෙන්නේ නම් ජනාධිපතිවරයා නිව් යෝර්ක් සංචාරය කිසිම වැදගත් කමක් නොමැත. වත්මන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වූ කලී අමෙරිකාවම වේ. ඇමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරණ අදහස රොබර් බ්ලේක් මහතා මීට දින කිහිපයකට පෙර මෙරටටම පැමිණ අපට කියා දුන්නෙමු.. එසේ නම් එයම නැවත අසා ගැනීමට නිව් යෝර්ක් යාමේ තේරුමක් තිබේද?
මීට සුළු මොහොතකට ( Sep. 17 ) පෙර ග්‍රීසියේ අගමැතිවරයා තම රට මුහුණ දී සිටින ණය බර හේතුවෙන් තම ඇමෙරිකානු සංචාරය නවතා දැමුවේය. වාර්තා වන අන්දමට අගමැති ජෝර්ජ් පැපන්ද්රියෝ නිව් යෝර්ක් නුවරට යාමට බලාපොරොත්තු වූයේ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල රැස්වීමට සහභාගී වීමට සහ ජාත්‍යන්තර මුලය අරමුදලේ සමුළුවකට සහභාගී වීම සඳහාය. නමුත් යුරෝසෝන් කලාපයට අයත් රටවල නායකයින් ලබා දීමට නියමිතව තිබු ණය මුදල ලබා දීමට කල් යන හෙයින් තමන් රටේ ජනතාව සමඟ සිටිය යුතු බව පවසා හෙතම ඇමෙරිකානු සංචාරය නවතා තිබේ.
මෙම කාරණා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ මෙන්ම රටේ දේශපාලන සංස්කෘතිය සමඟ ගැලපීමේදී අපි සිටින්නේ කොතනද යන්න තේරුම් ගත හැකිය. රටේ කිසිම නායකයෙක් ජනතාවගේ දැවෙන ප්‍රශ්න හේතුවෙන් හෝ වෙනයම් පොදු ප්‍රශ්නයක් හේතුවෙන් තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා හේතුවන කිසිවක් අත්හැර නැත. රාජපක්ෂ විසින් තනා ගත් ජම්බෝ කැබිනෙට්ටුව සහ විදේශ සංචාරයකදී ඔහු රැගෙන යන ජම්බෝ කණ්ඩායම රටේ මුදල් නාස්ති කොට ඇති ප්‍රමාණය ගැන කිව යුතු නොවේ. සියල්ලම එය දනිති.
කෙසේ වෙතත් මෙම කාරණා කීම සඳහා අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නොවේ. තමන්ට එහි යාමට නොහැකි වුවහොත්, ඊශ්‍රායලය නමැති ඩමියට පලස්තීනයේ වීරයාගේ වෙස්මූණ දාගෙන සිටින මහින්දට මොහමඩ් අබ්බාස් විසින් ඉදිරිපත් කිරීමට නියමිත පලස්තීනයේ ස්වාධීනත්වය වෙනුවෙන් වූ යෝජනාව විෂය කර ගනිමින් මහා මණ්ඩලයේ වීරයෙක් නොවුනාට දෙරට අතර ඇති මිත්‍රත්වයට ගැටලුවක් ඇති නොවේ. රාජපක්ෂට සැබෑ ලෙස පලස්තීනය කෙරෙහි කැක්කුමක් තිබුනේ නම් හිටපු විදේශ ඇමති බෝගොල්ලාගමගේ කීමට ඔහුගේ මන දොළ පිනවීම සඳහා දයාන් ජයතිලක පලස්තීනය වෙනුවෙන් පෙනී සිටි බව පවසා ඔහුගෙන් දේශපාලන පලි ගන්නේ නැත. පසුව බෝගොල්ලාගම වේදිකාවෙන් ස්වභාවික නෂ්ඨ වන විට දයාන් ප්‍රංශයේ තානාපති කරමින් තුවාලය සුව කිරීමට කටයුතු කළද එකල ඔහු සිදු කළේ අසමජ්ජාති ලෙස බෝගොල්ලගමව තොටිල්ලේ තමා කිරි පෙවීමය.
එබැවින් පවතින දේශපාලන කාලගුණය සලකා අදාළ සංචාරය රාජපක්ෂ විසින් නවතා දැමිය යුතු බව අපි කියන්නෙමු. ඔහු තම සංචාරය කළහොත් ව්‍යාජ ඔක්ස්ෆර්ඩ් නාඩකමේම තවත් විහිළුවක් ඉදිරි දින කිහිපය තුළදී බලා ගත හැකිය.
එබැවින් පවතින දේශපාලන කාලගුණය සලකා අදාළ සංචාරය රාජපක්ෂ විසින් නවතා දැමිය යුතු බව අපි කියන්නෙමු. ඔහු තම සංචාරය කළහොත් ව්‍යාජ ඔක්ස්ෆර්ඩ් නාඩකමේම තවත් විහිළුවක් ඉදිරි දින කිහිපය තුළදී බලා ගත හැකිය.
Post a Comment