"ගංගා"හි අපිරිසිදුකම බෝම්බ පිපිරීම් වලට වඩා බයානකයි.

හර්ෂි සි. පෙරේරා

බාරතිය ජනතා පක්ෂයේ ජෙෂ්ට නායකයකු වන එල් කේ අද්වානි ප්‍රකාශ කලේ ගංගානම් ගගේ අපිරිසිදුකම විසින් බිලි ගන්නා ජිවිත ගණන බෝම්බ පිපිරීම් වලින් මියැදෙන සංකයාවට වඩා වැඩි බවයි.

ගංගා ගගේ දුෂණය බරපතල කරුණක් බව හෙතෙම සිය බ්ලොග් අඩවියේද තර්කානුකුලව පෙන්වා දෙයි.

ගංගා ගගේ ඉවුරුබඩ ප්‍රදේශයේ ඉන්දියානුවන් මිලියනයක් පමණ ජිවත් වෙති. ඉන්දීය බෝම්බ පිපිරීම් වලට වැඩි ප්‍රසිද්දියක් ලබා දෙන මුත් විවිද අසනීප හේතුවෙන් මියයන මේ ජනයා ගැන කතා කරන කෙනෙක් නැත.

ගගේ ඉහල කොටසේ ඇති ජල විදුලි බල වියපෘති නිසා ගගට විශාල හානියක් සිදුවේ.

මෙය මෙහෙයුමක් මගින් වෙනස් කලයුතුබව කියන බි ජේ පි නායකයා සුවාමි චිදනන්ඩ් ගේ ප්‍රකාශයක් උපුටා දක්වයි. එනම් සෑම නිවසකටම වැසිකිලියක්, පිරිසිදු ජලය පානය කිරීමට ජල නලයක් සහ මහා පරිමාණයෙන් සෑම ගමකම නගරයකම ගස් වැවීමයි.


Tell a Friend