උතුරු කොරියානු නායකයා රුසියානු ජනපති හමුවෙයි


කිෂානි වැලිවිටිගොඩ

දෙපාර්ශවය විසින් ක්‍රියාවට නැවීමට නියමිත ස්වභාවික වායු රුසියාවෙන් දකුණට ලබා දීමට එකඟතාවය සහ මේ වනවිට තම රටේ ක්‍රියාත්මක කරන සය පාර්ශවීය සාකච්චා තව දුරටත් පවත්වාගෙන යාමට එකඟතාවය උතුරු කොරියානු නායක කිම් ජෝන් ඉල්ලීමක් පල කරමින් අද ඔහු රුසියානු ජනාධිපති දිමිත්‍රි මද්වතෙව් හමු විය.

සයිබීරියාවේ නගරයක් වන සොස්නොවෝයි බෝර් හී පිහිටි හමුදා මුලස්ථානයක දී රුසියානු නායකයා හමු වූ හෙතම කියා ඇත්තේ කිසිඳු පුර්ව කොන්දේසියකින් තොරව තමන් න්‍යෂ්ටික ශක්තිය අත්හදා බැලීමේ ව්‍යාපෘතිය ගැන කතා කිරීමට එකඟ බවයි.

එසේම වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක පමණ අදායමක් උතුරු කොරියාවට ලබා ගත හැකි රුසියාව සහ දකුණු කොරියාව අතර යෝජිත ස්වභාවික වායු නල ව්‍යාපෘතියටද උතුරු කොරියානු නායකයා සිය කැමැත්ත පල කළේය. 

Tell a Friend