ලිබියාව: ගඩාෆි අල්ලා දෙන්නෙකුට ඩොලර් මිලියනයක්


කිෂානි වැලිවිටිගොඩ

ලිබියානු කැරලි කරුන්වන් ට්‍රිපොලි නගරයේ බලය සම්පුරණයෙන්ම පාහේ මේ වන විට අත් කරගෙන තිබුනත් එරට නායක ගඩාෆි තවමත් අත්අඩංගුවට ගැනීමට හෝ මරා දැමීමට සමත් වී නොමැත. කෙසේ වෙතත් ගඩාෆි අල්ලා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වන අතර මේ වනවිට කැරලි කරුවන් ගඩාෆි අල්ලා දීමට සමත් වන අයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබා දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කොට ඇත.

69 හැවිරිදි ලිබියානු නායකයා සිටින තැන තවමත් සොයා ගෙන නැති නමුත් ඔහු පණ පිටින් අල්ලා ගැනීමට හැකි වුවහොත් එසේ ඔත්තු ලබා දෙන අයෙකුට සමාව දීමටද මුදලින් සංග්‍රහ කිරීමටද සුදානම් බව කැරලි කරුවන් ප්‍රකාශ කොට තිබේ.

බෙන්ගාසි නගරයේ සිට පරිපාලන කටයුතු මෙහෙයවන ජාතික අන්තර්වාර කවුසලය ඊයේ පුවත් සාකච්චාවක් පවත්වමින් අදාළ ත්‍යාගය ගැන සඳහන් කළ අතර ඒ සඳහා ඩොලර් මිලියන 1.7 ක මුදලක් තමන්ට හිතවත් ව්‍යාපාරිකයෙකු විසින් ලබා දුන් බව සඳහන් කළේය.

Tell a Friend