ලිබියාව: මාස අටක් ඇතුලත මැතිවරණයක්

කිෂානි වැලිවිටිගොඩ

ලිබියාවේ පාලනය නොනිල මට්ටමින් අතට ගෙන ඇති ලිබියානු ජාතික අන්තර්වාර කවුන්සලය මාධ්‍යට අදහස දක්වමින් කියා ඇත්තේ මාස අටක් ඇතුලත පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරයෙකු තොර ගැනීම උසේදා මැතිවරණ පැවැත්වීමට නියමිත බවයි. මැතිවරණයේ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සහ ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම බව අන්තර්වාර කවුන්සලයේ මුස්තාෆා අබ්දෙල් ජලීල් ප්‍රකාශ කළේය.

" සහෝදරත්වය, නිදහස සහ සමානාත්මතාවය මත මුලික වූ පෙර සම්ප්‍රදායෙන් වෙනස් වූ නවමු ආණ්ඩුවක් තැනීම අපේ අරමුණයි. එසේම අනෙක් රවල සමඟ සහයෝගීව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු, " යයි හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ඔහු ලිබියානු නායක ගඩාෆිට එරෙහි නඩු විභාගය ගැනද කරුණු දක්වමින් කියා සිටියේ නඩු විභාගය නිදහස් සහ සාදාරණ එකක් ලෙස පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

Tell a Friend