ඉන්දීය 65 වැනි නිදහස සහ අපි

හර්ෂි සි. පෙරේරා

අද ලංකාදීප පුවත්පතට අනුව ලංකාවේ වැඩියෙන්ම වංචා දුෂණ චෝදනා එල්ල වන්නේ අද්යාපන බලදාරින්ටය. දෙවන ස්ථානයේ පසුවන්නේ පොලිසියයි. ලංකාවේ විමල් විරවංශ ඇමතිවරයා උපවාස කලේ මෙරට සිදුවුයෙයයි කියන බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන්ට මැදිහත්ව ඒවාට සම්බන්ද අපරාදකරුවන්ට දඩුවම් පැමිණවීමට සුදානම් වූ එක්සත් ජාතීන්ට විරුද්දවය. අන්නා හසරිලා හමුවේ මෙවන් අපේ ඇමතිවරු කොයිබටද?

යුක්තිය නොමැති නිදහස සහ නිදහස් දින සැමරුම් වූකලී තවත් සිරිත් විරිත් පමණි යනුවෙන් ඉන්දීය 65 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කල ප්‍රකාශයක සදහන් වුනි. ඉන්දියාව ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රජ්ජයයි. අප ඒ අසල සිටින ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා ගන්නා මුතු ඇටයයි.

ඉන්දියාවේ යුක්තිය පසිදලීම තුල පවත්නා බරපතල අක්‍රමිකතා සහ අපරාද අපටද පොදුය. සමහර විට නිතිය නොමැතිවීම ඉන්දියාවටත් වඩා අප රට තුල දරුණු වේ.

මෑතකදී ශ්‍රී ලංකාවේ ප්‍රදාන විපක්ෂය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය පිළිබද නීතියක් ගෙන ඒමට දැරූ තැත වියර්ත විය. නමුත් 2005 වසරේදී ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය පිළිබද නිතිය හදුන්වා දෙනු ලැබිණි. එය අපට මේ මහා දැවැන්තයාගෙන් ඉගෙන ගත හැකි පාඩමකි.

අද පැවති නිදහස් දින සැමරුමේදී මන්මෝහන් සින් අගමැතිවරයා කිවේ තම ආණ්ඩුව බරපතල වංචාවන්ට මුහුණ දෙමින් සිටින බවයි. ඔහු වැඩි දුරටත් කිවේ වංචා මඩිම උපවාස වලින් කල නොහැකි බවත් ඒ සදහා ශක්තිමත් ලෝක්පල් විවස්ථාවක් අවශ්‍ය බවත්ය. අගමැතිවරයාට මෙවැන්නක් කීමට හේතුවුයේ අන්නා හසරි වැනි ක්රියාදරයන් නොනවත්වා ගෙන යන දුෂණ විරෝදී අරගලය හේතුවෙනි.

අද ලංකාදීප පුවත්පතට අනුව ලංකාවේ වැඩියෙන්ම වංචා දුෂණ චෝදනා එල්ල වන්නේ අද්යාපන බලදාරින්ටය. දෙවන ස්ථානයේ පසුවන්නේ පොලිසියයි. ලංකාවේ විමල් විරවංශ ඇමතිවරයා උපවාස කලේ මෙරට සිදුවුයෙයයි කියන බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන්ට මැදිහත්ව ඒවාට සම්බන්ද අපරාදකරුවන්ට දඩුවම් පැමිණවීමට සුදානම් වූ එක්සත් ජාතීන්ට විරුද්දවය. අන්නා හසරිලා හමුවේ මෙවන් අපේ ඇමතිවරු කොයිබටද?

කෙසේවෙතත් ඉන්දීය සාදකය මේවනවිට ලංකාව සම්බන්දයෙන් තීරණාත්මක වී ඇත. ඒ ද්‍රවිඩ ජනයාට යුක්තිය සහ සමානතාවය ලබාදීම සම්බන්දයෙනි. ජයලලිතා දැඩි බලපෑමක් වී ඇත. අද ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට අයත් කච්චතිවු දුපතේ ඉන්දීය දජය එසවීමට පැමිණ එරට ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගත් බවද වාර්තා විය. අද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් කේ කාන්තා සිය නිදහස් දින සැමරුම් පණිවිඩය නිකුත් කරමින් කොලබදී කියා සිටියේ ජාතින් අතර සන්හිදියාවකට අවංක දේශපාලන එකගතාවක් අවශ්‍ය බවයි. මෙවැන්නක් ප්‍රකාශ වුයේ දෙමල ජාතික සන්දානය සහ රාජපක්ෂ ආණ්ඩුව අතර සාකච්චා ඇන හිට ඇති වාතාවරනයකදීය.

සියල්ල මෙසේ සිදුවෙද්දී ආර්ථික වශයෙන් සුවිශාල දියුණුවක් ලබමින් සිටින ලොව විශාලම ප්‍රජතන්ත්රවදියගෙන් අපට බොහෝ පාඩම් ඉගෙන ගත හැක.


Tell a Friend