අන්නා හසරිව පොලිසිය විසින් රදවා ගනී.

හර්ෂි සි. පෙරේරා
සිය දුෂණයට එරෙහි උපවාසය ඇරබීමට පැය ගණනාවකට පෙර අන්නා හසරිව දිල්ලි පොලිසිය විසින් රදවා ගෙන ඇත.

මිට අමතරව ප්‍රකට ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ අර්වින්ඩ් කෙජ්රිවල් සහ කිරාන් බෙදිවද දිල්ලි පොලිසිය සිය බාරයට ගනු ලැබිණි.

පොලිසියේ මෙම ක්‍රියාව කිරාන් බෙඩි විවේචනය කලේ නැවතත් රටට හදිසි නිතිය පැමිණීමක් ලෙසයි. ඇය වැඩිදුරටත් කිවේ මෙම රදවා ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝදී සහ විවස්තා විරෝදී බවයි.

අන්නා හසරි අත්අඩංගුවට පත්වූ සැනින් ප්‍රකාශ කලේ රටේ සෑම ගමකම ජනයා සිරගෙවල් පිරවියයුතු බවත් සිරගේටයාම අපරාදයක් නොව අලංකාරයක් බවත්ය.


Tell a Friend