බන්දනාගාර කැමරා හෙවත් අතීසාරයට අමුඩ ගැසීම

හර්ෂි සි. පෙරේරා

බන්දනාගාර දෙපාර්තමේන්තුව වැලිකඩ බන්දනාගාර පර්ශ්ශයේ සි සි ටි වී කැමරා 08 ක් සවි කිරීමට පියවර ගෙන ඇත.

මෙමගින් දුෂණය මැඩලීමට සහ නිලදාරින්ද ඇතුළු රැදවියන්ගේ කිර්යකාරකම් පරික්ෂා කිරීමට බලාපොරොත්තු වේ. මෙවැනි කැමරා ගාල්ල අනුරාදපුර සහ බෝගම්බර බන්දනාගාර වල සවිකිරිමටද සැලසුම් කර තිබේ.

මේ පියවර විසුළු සහගතය. කැමරා ඇසට අසුනොවී වැඩ කිරීමට කුඩා ළමයකු වුවද දන්නා අතර එය අමුතුවෙන් බන්දනාගාර නිලදාරින්ට සහ රැදවියන්ට කියා දියයුතු නැත. කැමරාවට කුඩු අසුවනවාද ?

මේ විසුළු සහගත යෝජනාව තවත් වංචනික ක්‍රියාවකි. ඒ රැදවියන්ගේ සහ පහල බන්දනාගාර නිලදාරින්ට නොව බන්දනාගාර ලොක්කන්ට මෙමගින් කොටි ගණනින් ගසා කෑ හැකි බැවිනි. මිට ඉහත බන්දනාගාර වලට පරගණක ලබාදීමට ක්‍රියා කෙරිණි. මොකද වුනේ?

මෙය පවත්නා ගැටළු වලට පලදායි විසදුම් ලබාදීම වෙනුවට අතීසාරයට අමුඩ ගැසීම මිස අන්කවරක්ද?


Tell a Friend