මේ කවුද? මොනවාද කරන්නේ?

හර්ෂි සි. පෙරේරා
උතුරු නැගෙනහිර හමුදාව සිටියි. ඉතින් කවුද මේවා කරන්නේ? ආරක්ෂක නිලදරින්ගෙන් බේරී මේ වා කරන්නේ කෙසේද? දෙස් විදෙස් ජනතාවට බලවත් සැකයක් ඇතිව තිබේ. දෙමල ජනයාගේ නියෝජිතයින්ට දෙවන පෙළ නියෝජිතයින් නැතිනම් සරලව කිවහොත් පර දෙමළුන් ලෙස සැලකීම වහා නතර කරමු.

උතුරු නැගෙනහිර පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට යාපනය දිස්ති‍්‍රක්කයෙන් තරග කරන දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඉලක්කකර එල්ලවන ප‍්‍රහාර හා තර්ජන වැඩිවෙමින් පවතින බව වාර්තා වේ.

මානිප්පායි හි දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයෙකුගේ නිවසට ඊයේ ථ07ෆ රාත‍්‍රීයේ අසූචි ප‍්‍රහාරයක් එල්ලවී ඇතැයි ද පැවසේ.

එසේම තවත් අපේක්‍ෂකයෙකුගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙහි මරාදැමුණු බල්ලෙකුගේ හිසක් සවිකර ගොස් තිබේ.

එම සන්ධානයේ වඩමරාච්චි අපේක්‍ෂකයාගේ නිවස ආශ‍්‍රත මාර්වල රාත‍්‍රිකාලයේ නා`දුනන පුද්ගලයන් යතුරු පැදිවලින් සැරිසරන බවද පැවසේ.

මීට පෙර අචාර්ය සිටි රම්බලම්ගේ ගෙවත්තේ ළිදට පාර්සලයක ඔතන ලද මියගිය බල්ලකුගේ මල සිරුරක් දමා තිබූ බවද වාර්තා විය.





Tell a Friend