මගේ දරුවට අස්වීම දෙන්න. ශිෂ්ත්වයට ඉන්න ඕන - මව



විදුහල්පති,
පතාවත්ත ශ‍්‍රී ස්වර්ණජෝති මහ විදුහල,
රයිගම,
බණ්ඩාරගම.

අස්වීම් සහතිකය ලබාදෙන ලෙස කරනු ලබන ඉල්ලීමයි

කොම්පඤ්ඤගේ රසිකා සඳමාලි ෆොන්සේකා වයස අවු: 28 යි. විවාහක, දරුවන් 03 යි.

ලිපිනය : 455/33” ධීවර කාර්යාලය වත්ත” මෝදර” මොරටුව’ 2011. 07.08 දින දීය.

ඩබ්’ ඞී’ දනුක ලක්මාල් වයස අවු: 10 යි. මාගේ දෙවෙනි දරුවා වේ.

2010 වසරේ 4බී පංතියේ ඔබගේ පාසැලේ මාගේ දරුවා අධ්‍යාපනය ලැබීය’ ඩබ්’ ඞී’ සමන්ත නමැති මාගේ ස්වාමිපුරුෂයා මා සමග ආරවුල් තත්වයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් මාත් දරුවනුත් ඔහුගෙන් වෙන් විය.

නමුත් මාගේ වැඩිමල් දියණිය ඔහු ළඟ සිටින අතර ඇය දැනටද ඔබ පාසැලේ අධ්‍යාපනය ලබයි.

මා දැනට මොරටුව ප‍්‍රදේශයේ පදිංචිව ඇති හෙයින් ඔබ පාසලට මාගේ දනුක ලක්මාල් නමැති දරුවා එවීමට නොහැකි බැවින් වෙනත් පාසැලකට දරුවාව ඇතුළත් කිරීම සඳහා ඔහුගේ පාසල් අස්වීමේ සහතිකය ලබාදෙන ලෙස කීප විටක්ම ඔබගෙන් ඉල්ලා සිටියද මාගේ ස්වාමිපුරුෂයා දරුවාව පාසැලට ඇතුළත් කර ඇති හෙයින් ලබාදීමට නොහැකි බව පවසා ඔබ එය ප‍්‍රතික්ෂේප කරන ලදි.

ඒ හේතුවෙන් මාගේ දරුවාට 2010 වසරේ සිට මේ දක්වාම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අහිමිවී ඇති අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට ද දරුවාට පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිවේ.

වෙනත් පාසලකට මා දරුවා ඇතුළත් කිරීමට කටයුතු කළ ද අස්වීමේ සහතිකය නොමැති බැවින් ඇතුළත් කිරීමට නොහැකිවී ඇත. තවද එම පාසැලෙන් ලබන සඳුදාට පසුව පාසැලට ඇතුළත් කළ හොත් ශීෂ්‍යත්ව විභාගයට තැබීමට නොහැකි වන බවද ප‍්‍රකාශ කරයි.

දරුවාට අධ්‍යාපනය ලැබීමට අස්වීම් සහතිකය ලබානොදීම ඔබ විසින් කරන නීති විරෝධී කටයුත්තකි. එබැවින් මෙම ලිපිය ලැබී කඩිනමින් මාගේ දරුවාගේ අස්වීමේ සහතිකය ලබාදීමට කටයුතු කරන මෙන් මෙයින් ඉල්ලමි.

කේ. රසිකා සඳමාලි ෆොන්සේකා
(ළමයාගේ මව)

පිටපත් : 1. සභාපති - මානව හිමිකම් කොමිෂන් සභාව
2. සභාපති - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
3. ස්ථානාධිපති - ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය
4. අධ්‍යක්ෂක - කලාප අධ්‍යාපන කාර්යාලය - කළුතර
5.ලේකම් - බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය

ජනසංසදය

Tell a Friend