වුර්තිකයෙක් රිමාන්ඩ්

හර්ෂි සි. පෙරේරා

පොළොන්නරුව ඕනෑගම පෞද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකදී 21 හැවිරිදි එක් දරු මවකට අතවර කළැයි සැකපිට පොළොන්නරුව රෝහලේ සංජය චමින්ද සෙනෙවිරත්න වෛද්‍යවරයා ලබන 13 වැනි දා තෙක් පොළොන්නරුව මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. අත දරුවාද සමග බෙහෙත් ගැනීමට ආ ඇය පොලිසියේ දී කියා ඇත්තේ දරුවාට මුලින් බෙහෙත් දී ඔහු තම මව සමග එළියට යවා තමාට ප‍්‍රතිකාර කරද්දී අතවරයට ලක් වූ බවයි.


වුර්තිකයින්ට සමාජයේ තවමත් ඉහල පිළිගැනීමක් හා ගවුරවයක් ඇත. ඔවුන්ට ආචාරදර්ම පද්දතියක්ද ඇත. නමුත් ඉහතවෛද්‍යවරයාගේ ක්‍රියාවෙන් වෛද්‍ය වුර්තිකයින්ගේ තත්වය කෙතෙක් දුරට පහත වැටී ඇද්ද යන්න මනාව පිලිබිබු කරයි.

වෛද්‍ය වුර්තිකයින්ගේ බොහොමයක් විනය විරෝදී ක්‍රියාවන්ට මහජනතාව විරෝදය දැක්වුවද ඔවුන්ට මෙම නීතිවිරෝදී ක්‍රියාමාර්ග වලට එරෙහිව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්දයෙන් ඇත්තේ අනවබෝදයකි.
වෛද්‍ය නොසැලකිල්ල සහ අනෙකුත් විෂමාචාර සම්බන්දයෙන් වෛද්‍ය මණ්ඩලයට පැමිණිලි කල හැක.

ශ්‍රියානි එරෙහි ඉද්දමල්ගොඩ නඩුවේදී වැරදි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් වෛද්‍ය පියසොමට විරුද්දව වෛද්‍ය මණ්ඩලයට පැමිණිලි කරන ලදී. වෛද්‍ය මණ්ඩලය ඔහුට වෛද්‍ය නොසැලකිල්ල යටතේ වසර තුනක කාලයක් වෛද්‍ය වුර්තියේ කටයුතු කිරීම තහනම් කරන ලදී.