අසත්‍ය ප‍්‍රචාර ගෙන යන දිනමිණට එරෙහිව නීතිමය පියවර ගනී

ලංකා ගුරු සේවා සංගමය ඉදිරිපත් කරන ලද අපේ කණ්ඩායමට අධ්‍යාපන සමූපකාර නිලවරණයෙන් 2/3 ක බලයක් හිමිව තිබියදී එකී පාලනය කුමන්ත‍්‍රණකාරී ලෙස අධිකරණය නොමග යවමින් උදුරාගත් ආණ්ඩුව එහි අධ්‍යක්‍ෂක මණ්ඩලයට විරුද්ධව දිනමිණ පුවත්පත් යොදාගනිමින් අසත්‍ය ප‍්‍රචාර ගෙනයමින් පවතින බවත් මෙම අවලාදවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට සලකා බලමින් පවතින බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. ලංකා ගුරු සේවා සංගමයේ මෙහෙයවීමෙන් පසුගිය කාලය පුරා අධ්‍යාපන සමූපකාර සමිතියේ අති විශාලන සේවා රැුසක් පවත්වාගෙන ගිය අතර ඒ ස\හා ඉහළ ප‍්‍රතිචාරයක් දේශපාලන බේදයකින් තොරව ගුරුවරුන්ගෙන් හිමිවී තිබුණි. කෙසේ වෙතත් එහි අධ්‍යක්‍ෂක මණ්ඩලය වාරණයට ලක්කරමින් අධිකරණය නොමග යවා නියෝගයක් ලබාගැනීමට සමූපකාර ඇමතිවරයා පියවර ගෙන තිබුණි. ඒ අනුව ඇමතිවරයාගේ දේශපාලන හිතවතුන් මත දූෂිත නිලධාරීන්ගෙන් සමන්විත අතුරුපාලක මණ්ඩලයක් දැනට පත්කර ඇති අතර එම පාලනය යටතේ එහි සේවා ලබන ගුරුවරුන් මෙන්ම සේවකයන්ද බලවත් පීඩාවට පත්වී ඇතැයි ලංකා ගුරු සේවා සංගමය ඇතැයි තවදුරටත් පවසයි.

Tell a Friend