ටිකිරි බණ්ඩාර දරුවන්ගේ සුබ අනාගතය

01. සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
108, බාන්ස් පෙදෙස,
කොළඹ 07.

02.නීතිපති
නීතිපති දෙපාර්තමේන්තුව
කොළඹ 12.

03. ස්ථානාධිපතිනී
පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය
අංක 25 ර්‍ණ වයිසෙට් ගොඩනැගිල්ල,
ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹි.

04. සභාපති
ළමා ආරක්ෂක අධිකාරිය
330, තලවතුගොඩ පාර,
මාදිවෙල.

05. අධ්‍යක්ෂක
නීති කොට්ඨාශය
පොලිස් මූලස්ථානය
කොළඹ 01.

06. නියෝජ්‍ය පොලිස්පති
කළුතර දිසා භාර
නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය
කළුතර.

ලිඛිත පැමිණිල්ල

දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර වයස අවු: 48 යි” විවාහක” දරුවන් 07 යි”
රැකියාව: තේ දළු කැඞීම ලිපිනය : කෙලින්කන්ද ජනපදය” පහළ නෙළුකැටිය’
2011. 06. 25 වන දින දීය’

1. දිසානායක මුදියන්සේලාගේ සුරේෂ් ලක්මාල්” වයස අවුරුදු 13 යි” කෙලින්කන්ද ජනපදය කණිටු විදුහලේ ඉගෙනුම ලබයි.

2. දිසානායක මුදියන්සේලාගේ චන්දිම බණ්ඩාර” වයස අවුරුදු 11 යි” කෙලින්කන්ද ජනපදය කණිටු විදුහලේ ඉගෙනුම ලබයි.

3. දිසානායක මුදියන්සේලාගේ විශාඛා සඳමාලි ර්‍ණ වයස අවුරුදු 10 යි” කෙලින්කන්ද ජනපදය කණිටු විදුහලේ ඉගෙනුම ලබයි’ - මාගේ බාල දරුවන් තිදෙනා වේ.

ඉහත නම් සඳහන් මාගේ බාල දරුවන් තිදෙනා අප අසල්වාසී නිවසක් වන නිශ්ශංක නමැති අයගේ නිවසට” ඉඳහිට රූපවාහිනිය නැරඹීම සඳහා යනවා.

2011 මැයි මස දිනක නිශ්ශංක නමැති අයගේ බිරිඳ වන රේණු නමැති අය දරුවන් තිදෙනා එම නිවසට කැඳවනු ලැබුවා’ එදින මාත් බිරිඳත් තේදළු කැඞීමට ගියා’ එදින සවස ගෙදර පැමිණි පසු මගේ බාල දරුවන් තිදෙනාගෙන් දැනගන්නට ලැබුණේ” නිශ්ශංක නමැති අයගේ චේන් එකක් නැතිවී ඇති බවත්” එදින දරුවන් ගෙදරට කැඳවා” තිදෙනා වෙන් වෙන්ව තබා චේන් එක ගත්තාද කියා විමසා තිබෙනවා.

දරුවන් එය නොගත් බව පවසා සිටි විට” රේණු නමැති අය වතුර භාජනයක් උණුකර එයට අත දැමුවහොත් ගත්තා නම් අත පිච්චෙන බවත්” නැතිනම් පිච්චෙන්නේ නැති බවත් පවසා බිය ගන්වා තිබෙනවා’ එසේම ඔවුන්ගේ අල්මාරිය තිබෙන තැනට ළමයින්ව ගෙනගොස්” එහි රෙදි ඇද දමමින් චේන් එක සොයා තිබෙනවා’ එහි තවත් රන්බඩු හා මුදල්ද තිබී ඇති බවත් නමුත් චේන් එකක් නොතිබුණු බවත් නැවතත් දරුවන් ලවා අල්මාරිය අස්කරවාගෙන ඇති බවත් නිශ්ශංක නමැති අය වේවැලකින් චන්දිම පුතාට පහරදී ඇති බවත් දැනගන්නට ලැබුණි.

තවද” නිශ්ශංක නමැති අයගේ ඥාතියෙකු ඇල්ල පොලිස් මුරපොලේ සිටින අතර” ඔහුවද ඒ අවස්ථාවේ ගෙන්වා තිබෙනවා’ එම නිලධාරියා මට දරුවන් සමග පොලිසියට එන ලෙසට දන්වා තුංඩුවක් දී ගොස් තිබුණි.

ඒ අනුව මා 2011 මැයි මස 15 වන දිනට පසු දිනක මාගේ බාල දරුවන් තිදෙනාත් සමග ඇල්ල පොලිස් මුරපොලට ගියා’ එදින නිශ්ශංක නමැති අයත් පැමිණියා’ එහිදී මහින්ද නමැති නිලධාරියා දුවගෙන් පමණක් විස්තර ඇසුවා’ ඒ වෙලාවේ දුව චේන් එකක් ගත්තේ නෑ කියලා කිව්වා’ එවිට එම නිලධාරියා අල්මාරිය ඇරියාද කියා ඇසුවා” දුව ඔව් කිව්වා’ එවිට මොනවද තිබුණේ කියා ඇසුවා’ දුව කිව්වා රත්තරංන් බඩුයි” සල්ලියි තිබුණා කියා’ එවිට චේන් එක කෝ කියා ඇසුවාම දුව කිව්වා නෑ කියලා’ ඒ වෙලාවේ දුව ඇක්‍ෂුවා’ පසුව මට කතා කර” ගමට ගොස් නිශ්ශංක සමග කතාබහ කර” ළමයින්ගෙන් විමසා” චේන් එක ගෙනත්දෙන ලෙසත්” එය ගෙනත් දුන්නවිට රුපියල් 10000/ක් දෙන බවටත් පවසා සිටියා’ ඊට පසු නිශ්ශංක සමග මා කතා කළා’ ඔහු කියා සිටියේ සාත්තර ඇසිය යුතු බවයි.

පසුව ඒ ආසන්න දිනක මා සහකාර පොලිස් අධිකාරිවරයා හමුවීමට දරුවන් සමග ගියා’ එදින එම නිලධාරියා නොසිටි අතර” අපට දහවල් 1’00 ට එන ලෙස කියා සිටියා’ පසුව මා දරුවන් සමග කන්දේ විහාරයට ගොස් නැවත 1’00 වන විට පැමිණියා’ එවිටත් එම නිලධාරියා නොසිටි අතර” අපව එහි සිටි නිලධාරිණියක් කිව්වා අපව දෙවෙනි මහත්තයාට විස්තර කියන්න කියා’ අප විස්තර කියූ පසු එම නිලධාරියා පවසා සිටියේ” ළමයින්ව පරිවාස භාරයට ලියන්නවත් පොලිසියට බෑ” දැන් පොලිසියට ගිහින් මොනවද වෙන්නේ කියලා බලන්න” වැරදි දෙයක් වෙනවා නම් නැවත ඇවිත් කියන්න කිව්වා.

ඒ වෙලාවේම මා ඇල්ල පොලිස් මුරපොලට ගියා. එවිට පොලිස් නිලධාරින් කිසිවක් නොකියා ගෙදර යන ලෙස පවසා සිටියා.

ඉන්පසුව දින කීපයක් යනතුරු මෙම සිද්ධිය සම්බන්ධව කිසිදු දෙයක් සිදු නොවූ අතර” 2011’ 06’ 16 වන දින මගේ බාල දරුවන් තිදෙනා පාසැල් යමින් සිටියදී නිශ්ශංක නමැති අය දරුවන්ගෙන් චේන් එක ගත්තාද කියා විමසා ඇති බවත්” දරුවන් නෑ කියා ඇති බවත් දරුවන් කිව්වා.

2011’ 06’ 18 වන දින වෙනදා මෙන් මාත් බිරිඳත් දළු කැඞීමට ගියා. එදින පාසැල් නිවාඩු දිනයක් බැවින්,සුරේෂ් පුතාවත් විශාඛා දුවවත් අපත් සමග ගෙන ගියා. එදින නිවසේ සිටියේ චන්දිම පුතා හා මගේ ලොකු පුතා වන සුරංග පමණි.

එදින සවස 4’00 පමණ මා දළු කඩමින් සිටි විට නිශ්ශංක යන අය පැමිණ, මා සිටි තැනට ටිකක් ඈතින් සිට ටිකිරි මාමේ එන්න කියා කථා කළා’ මා ඔහු සිටි තැන පාරට පැමිණි පසු ඔහු කියා සිටියා, අන්න නෑ කියපු රත්තරන් බඩු පුතා තියෙනවා කිව්වා කියලා, පසුව මා සමග වැඩ කරන අනුර නමැති අයත් මාත් නිශ්ශංක සමග ගෙදර යාමට ගියා.

අප නිවසට කිට්ටුව පාළු නිවසක් තිබෙනවා’ එම නිවස ළඟ ඇල්ල පොලිස් මුරපොලේ මහින්ද හා ලියනගේ නමැති නිලධාරින් දෙන්නාත්” චන්දිම පුතාත් ලොකු පුතා හා තවත් ඥාතීන් අසල්වාසීන් ද සිටියා’ ඒ වෙලාවේ ලියනගේ නමැති නිලධාරියා” ළමයි හදන්නේ මෙහෙමද” ළමයි හොරකම් කරලා කියා” ඔහු අතේ තිබුණු ලාඩප්පා දණ්ඩෙන් මට ගහන්න හැදුවා’ එවිට මා සමග වැඩ කරන අනුර කියා සිටියා” ළමයින්ගේ වැරැුද්දට මෙයාට ගහන්න එපා කියා’ පස්සේ ඒ නිලධාරින් දෙන්නා කිව්වා” මේ කැලේ එළිකරලා චේන් එක හොයන්න කිව්වා’ අපි සේරම කැළේ එළිකරන්න ගත්තා’ කිසිවක් තිබුණේ නෑ.

ඒ අතරදී මහින්ද නිලධාරියා චන්දිම පුතාගේ පිටිපස්ස පැත්තට ලාඩප්පා පොල්ලෙන් ගැහුවා’ ඒ වෙලාවේ මම බිරිඳට දුරකථනයෙන් කතාකර දරුවන් දෙන්නාවත් රැුගෙන එන ලෙස පවසා සිටියා’ ඒ අයත් ආවා’

මහින්ද නිලධාරියා සුරේෂ් පුතාව ඇදලා අරගෙන කැලේ පැත්තට අරගෙන ගිහින් විස්තර ඇහුවා’ මා දැක්කා එහි තිබුණු ලාඩප්පා පොල්ලක් කඩාගෙන ඒ නිලධාරියා සුරේෂ් පුතාට ගහනවා’ පුතාට ඒ වෙලාවේ කක්කාද ගොස් තිබුණා’ පුතා බයට ගත්තා කියා පවසා තිබෙනවා’ පසුව දුවවත් ගෙනගොස් විස්තර ඇහුවා’ ඒ වෙලාවේ මහින්ද නිලධාරියා දුවගේද කොණ්ඩයෙන් අල්ලා අඹරා ඔලූව සෙලෙව්වා’ දුවත් බයවී ගත්තා කියා පවසා තිබුණා’

පසුව දරුවන් තිදෙනාවම පාළු ගෙදර මිදුලට ගෙන ගොස් කොහේද දැම්මේ කියලා ඇහුවා’ තිදෙනාම කිව්වා කැළේට විසි කරා කියා’ නැවතත් අපට කැළේ සුද්ද කරන්න කිව්වා’ අපි සුද්ද කරන විට” මහින්ද නමැති නිලධාරියා චන්දිම පුතාව ඒ ගෙදර පිළිකන්නට ගෙනගොස් චන්දිම පුතාගේ කන්දෙක දෙපැත්තට අත් තබා තදකර” පුතාව උඩට ඉස්සුවා’ පුතා එපා කියලා කෑ ගැහුවා’ පසුව පුතාගේ කොණ්ඩෙන් අල්ලා උස්සා නැවතත් ගත්තාද කියා ඇසුවා’ පුතා බයටම කැලේට විසි කරා කියා කිව්වා’

නැවත ලියනගේ නිලධාරියා දුවගේ කොණ්ඩයෙන් අඹරවා ඇදගෙන ගොස් කෝටුවකින් පාරක් ගැහුවා’ සුරේෂ් පුතාවත් අරගෙන කොණ්ඩයෙන් කරකවා නැවත ප‍්‍රශ්න කළා’

පසුව ලියනගේ නිලධාරියා කිව්වා” මේක දැන් හොයන්න බෑ” අරං යමං පොලිසියට මං අහගන්නම් කියා’ පසුව මම චන්දිම හා සුරේෂ් පුතාලාත් පොලිස් නිලධාරිනුත් සමග පොලිස් මුරපොලට යන්න පිටත්වුණා’ යන අතරමගදී දළු ලොරියක් ආවා’ මාත් පුතාලා දෙන්නත් ඒකෙ නැග්ගා’ ලියනගේ නිලධාරියා ලොරියේ ඉස්සරහින් නැග්ගා’ මහින්ද නිලධාරියා යතුරුපැදියෙන් පිටුපසින් ආවා’

මහ පාරට වෙනතුරු ඇවිත් ලොරියෙන් බැස්සා’ ඒ වන විට වෙලාව සවස 6’15 විතර ඇති’ පසුව පොලිස් නිලධාරින් දෙන්නා පුතාලා දෙන්නව යතුරුපැදියේ මැදින් තබාගෙන” මට උදේට මුරපොලට එන්න කියා පුතාලාව ගෙනගියා’

පසුව මා ඒ වෙලාවේම බිරිඳත් දුවත් සමග බදුරලිය පොලිසියට ගියා’ මම එහි සිටි ස්ථානාධිපතිවරයාට සිද්ධිය පවසා පුතාලාට පොලිස් නිලධාරින් පහරදුන් බවත්” ඔවුන්ව රෝහලට ගෙනයා යුතු බවත් පවසා සිටියා’ එවිට ස්ථානාධිපතිවරයා කිව්වා” පැමිණිල්ලක් දමා ගෙදර යන ලෙසත් උදේට පැමිණෙන ලෙසත්” ඇල්ල මුරපොලෙන් ළමයින්ව උදේට ගෙනෙන බවත්’ පසුව අප පුතාලා දෙන්නාට” චේන් එකක් සොරකම් කළ බවට පොලිසියෙන් බොරු චෝදනා නගා ඇති බවත් පහරදී ඇති බවත් ඔවුන්ව රෝහල් ගතකිරීමට අවශ්‍ය බවත් කියා පැමිණිල්ලක් කර ගෙදර ගියා’ එදින මහින්ද හා ලියනගේ නමැති පොලිස් නිලධාරින් දෙදෙනා එදින නිශ්ශංකගේ ගෙදර කිතුල් රා බී කෑම කා එහි සිටි බව මට පසුව ආරංචි වුණා’

2011’ 06’ 19 වන දින උදේ අපි තනෝජා ගල්පාය නමැති නීතිඥවරිය හමුවීමට ගොස් සිද්ධිය පවසා සිටියා’ ඇය විස්තර සටහන් කරගෙන” අධිකරණයට පැමිණෙන බව කියා සිටියා’ පසුව මාත් බිරිඳත් දුවත් උදේ 8’00 පමණ බදුරලිය පොලිසියට ගියා’ නමුත් පුතාලාව ගෙනත් තිබුණේ නැහැ’ දහවල් 1’15 පමණ පුතාලාව පොලිසියට ගෙනාවා’

පසුව ලියනගේ නිලධාරියා” 11’30 ට පුතාලාව පොලිසියට ගෙනාවා කියා කොලයක ලිව්වා’ තවත් විස්තර ලිව්වා’ පසුව පුතාලාව රෝහලට ගෙන යන බව පවසා සිටියා’ මාද රෝහලට එන බව කියා සිටි විට” එහි සිටි ග‍්‍රාමාරක්ෂක නිලධාරිණියක් කියා සිටියේ මට එන්න එපා කියායි’ පසුව පොලිස් කැබ් එකකින් පුතාලාව බදුරලිය රෝහලට ගෙන යන බව පවසා ගෙන ගියා’ දරුවන් මා හට පවසා සිටි ආකාරයට බදුරලිය රෝහලේ වෛද්‍යවරයා දරුවන් නිසි පරික්ෂණයකට භාජනය කර නොමැති බවත්” තුවාල තිබෙනවාදැයි පමණක් දරුවන්ගෙන් විමසා ඇති බවත්ය’

අපි පොලිසියට වී සිටියා’ නැවත දහවල් 2’30 පමණ වන විට පුතාලාව නැවත පොලිසියට ගෙනාවා’ ළමයින්ව උසාවි දමන බව කිව්වා’ එදින සවස 4’00 පමණ පුතාලාව පොලිස් කැබ් රථයෙන් අධිකරණයට ගෙන ගියා’ අපිත් ගියා’ නීතිඥවරියද පැමිණියා’

පුතාලා කැබ් රථයේ සිිටියදීම නීතිඥවරිය පුතාලාගේ තැලීම් සළකුණු පරික්ෂාකර බැලූවා’ නඩුකාරතුමිය පැමිණි පසු අපව නිල කාමරයට කැඳවා විස්තර විමසා සිටියා’ නීතිඥවරිය පුතාලාගේ තැලීම් කැළැල් මහේස්ත‍්‍රාත්තුමියට පෙන්වා පොලිසියෙන් පහරදී ඇති බවට කරුණු දක්වා සිටියා’
පසුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප 03ක් තබා නිදහස් කළා’ නැවත 2011.06. 24 වන දින අධිකරණයට පැමිණෙන ලෙස දන්වා සිටියා.

පසුව පුතාලාගෙන් දැනගන්නට ලැබුණා” පොලිස් මුරපොලේදී මහින්ද නමැති නිලධාරියා විසින් පුතාලාට වධහිංසා කර ඇති බව’

පුතාලා දෙන්නාට පොලිසියෙන් පහරදීම නිසා ඔවුන්ට අසනීප වුණු නිසා පසුදින එනම්” 2011.06.20 වන දින පුතාලා දෙන්නාව නාගොඩ රෝහලට ගෙන ගියා’ එහි 5 බී වාට්ටුවේ නවතා ගත්තා’ මමද රෝහලේ නැවතුණා’ එදින සහකාර පොලිස් අධිකාරි මතුගම විසින් මාගේ බිරිඳ හා දුව ගෙන්වා බදුරලිය පොලිස් ස්ථානයේදී ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

2011. 06. 24 වන දින අධිකරණයට ගියා’ එහිදී නැවත නඩුව 2011. 07. 08 වන දිනට කල් තැබුවා.

ඇල්ල පොලිස් මුරපොල මගින් මාගේ දරුවන් තිදෙනාට එරෙහිව රන් මාලයක් සොරකම් කළ බවට ව්‍යාජ චෝදනා නගා නඩු පවරා තිබුණා.

මාගේ දරුවන් තිදෙනා සතුව තිබී කිසිදු රන් භාණ්ඩයක් පොලිසිය සොයා නොගත් බවත්” මාගේ දරුවන් කිසිදු අවස්ථාවක එවැනි සොරකමක් කර නොමැති බවත් ප‍්‍රකාශකර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ,

1. මාගේ සුරේෂ්” චන්දිම හා විශාඛා නමැති දරුවන්ට ව්‍යාජ චෝදනා කර අමානුෂික ලෙස වදහිංසා කර” නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන” ව්‍යාජ චෝදනා නගා නඩු පවරා” නිශ්ශංක නමැති අයට පක්ෂපාතීව කටයුතු කළ” ඇල්ල පොලිස් මුරපොලේ මහින්ද හා ලියනගේ හා බදුරලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත්”

2. මාගේ දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා” සාධාරණය ඉටුකර දෙන ලෙසත්ය.


ඞී. එම්. ටිකිරි බණ්ඩාර
Tell a Friend