හදිසි ගංවතුරින් සහ සුලි සුළං නිසා වියට්නාමයට සහ පිලිපීනයට ආපදා

කිෂානි වැලිවිටිගොඩ 

උතුරු වියට්නාමයේ පැවතුනු තද සුළං සහිත වැසි නිසා පුද්ගලයින් 6 දෙනෙක් මිය ගිය අතර තවත් 50 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත. තවත් පිරිසක් අතුරුදහන් වී ඇති බවට ඊයේ (24) එරට ජාතික රුපවාහිනි වාර්තා කලා. තුවාල ලැබූ පිරිස අතර කිහිප දෙනෙක් අසාද්‍ය තත්වයේ පසු වේ. තද සුළං නිසා එම ප්‍රදේශයේ නිවාස දහස් ගණනක වහලවල් වලට හානි සිදු වී ඇත.

පිලිපීනයේ පැවැති කුණාටු තත්වය හේතුවෙන් එරට ධිවරයින් 11 දෙනෙකු අතුරුදහන් වී ඇත. අතුරුදහන් වී ඇති ධිවරයින් සෙවීම සඳහා වෙරළ ආරක්ෂකයින් සහ නාවික නැව් යොදවා ඇති බවට පිලිපීන ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය ප්‍රකාශ කර ඇත. ගං වතුර හා වැසි නිසා පාසල් වැසීමට සිදු වූ බව පිලිපීන ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂක බෙනිටෝ රාමෝස් මහතා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

මෙම ආපදා තත්වය නිසා එරට ගුවන් ගමන් වලටද බාධා සිදු වී ඇත. එම නිසා රට අභ්‍යන්තර ගුවන් ගමන් වාර 53 ක් අවලංගු කර ඇත.

Tell a Friend