ගෝඨා බාප්පිගේ ගොට්ටෙන් මුදිතා දුව හැලෙයි

ගෝඨා බාප්පා යයි පුරසාරම් දෙඩු නෙව්යෝර්ක් හී එකසත් ජාතීන්ට අනුබද්ධ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ මුදිතා හල්ලියද්ද මහත්මියට ලංකාවට ඒමට සිදු වී ඇති බව අරලිය ගහ ආරංචි මාර්ග පවසයි.පසුගිය ජුනි මස තම සේවා කාලය අවසන්ව ලංකාවට පැමිණි පසු ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඈයට නැවතත් නෙව්යෝර්ක් යාමට ලැබුණි. ඇගේ ස්වාමිපුරුෂයා ජනාධිපතිගේ කිට්ටුතම ඥාතියෙකු වන අතර ඔහු වෛද්‍යවරයකි. අරලිය ගහ මන්දිරයේ උසස් නිලදාරියකු අප වෙත පැවසුවේ අදාල ගෝටා බාබ්ප්පිගේ දෝණි අවුරුදු තුනක් අධ්‍යාපන නිවාඩු ගෙන තම ආචාර්ය උපාධිය කිරීම සදහා වෙනත් ප්‍රාන්තයකට යාමට නියමිත බවයි.ඇය ගෝටා බාප්පි ලෙස හඳුන්වන්නේ ලංකා ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් වරයා ලෙස කටයුතු කරන බලෙන් ඇමෙරිකාවට යාම සඳහා විශ්‍රාම ගිය ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ මහතාය.

Tell a Friend