ප්‍රගිත්ට දණ්ඩ මුක්තිය එපා.

හර්ෂි සි.පෙරේරා
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර දින 500ක් පිරීම නිමිත්තෙන් අද(08) කොලඹ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.

ප්‍රගීත් අතුරුදහන් කිරීම මගින් රාජපක්ස ආණ්ඩුවට පැනේ බලය මර්දනය කල නොහැක. අදත් ප්‍රගිත්ලා සිටින අතර හෙටත් ප්‍රගිත්ලා බිහිවෙනු ඇත. එය කිසිවෙකුට නතර කල නොහැක. තවද අතුරුදහන් කල සහ කරන අවසානයා ප්‍රගීත් නොවීමද නතර කල නොහැක.

නමුත් නතර කල හැකි එක් දෙයක් ඇත. ඒ දණ්ඩ මුක්තියයි. එනම් අතුරුදහන් කිරීම වැනි බරපතල අපරාදයන් සිදුකර යහතින් සිටීමේ වාතාවරණයයි. මෙය ලෙහෙසි දෙයක් නොවේ. මෙය කඩිමුඩියේ දිනා ගත හැකි අයිතියක්ද නොවේ. ඒ සදහා සබැ ඕනෑකමක් ඇත්නම් දිවිහිමියෙන් බොහෝ අරගල කිරීමට සිදුවනු ඇත.

අතුරුදහන් කිරීම්, අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදු කරන මර දැමීම, වදහිංසාව, නඩු පමාව, අල්ලස සහ දුෂණය, සැකකරුවන් වසර ගණනාවක් රදවා තැබීම, බොරු නඩු දැමීම ආදී සියල්ල නතර කිරීමට නම් පළමුව ඒවා හෙළිදරවු කල යුතුය. වාර්තා විය යුතුය. එවිට මහජනතාව ඒවා ගැන කතා කිරීමට පටන් ගනු ඇත. මෙවැනි මානව හිමිකම් උල්ලන්ගනයන් වලට ගොදුරු වන්නේ පොඩි මිනිසෙක්ද ලොකු මිනිසෙක්ද යන බේදයෙන් තොරව ඒ ගැන කතා කලයුතුයි. විරුද්ද විය යුතුයි.

එවිට ප්‍රගීත් අතුරුදහන් කල අයට වසර ගණනාවකට පසුව වුවද අකුණු සැරයක් වදිනු ඇත.



Tell a Friend