මහාචාර්ය D.S. රණවක යනු වංචනියෙකි

අමිල ගුණරත්න

මහාචාර්ය D.S රණවක යනු අංක එකේ වංචනියෙක් බව අප නොබියව නොවලහා ප්‍රකාශ කරමු. අපගේ ප්‍රකාශය වැරදි නම් උසාවි පවා යාමට අප සුදානම්ය. වෛද්‍ය ලලිත් පෙරේරා විසින් ලියන ලද "මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය හෙවත් 'මහාචාර්ය' D S රණවකගේ හොර උපාධි කඩය" ලිපිය කියවීමෙන් පසුව අප විසින් එහි සඳහන් කරුණු පිලිබඳව අපක්ෂපාති විමර්ශනයක් කළෙමු. අපගේ විමර්ශනාත්මක සහායක ප්‍රමිල වික්‍රමනායක මහතා විසින් රණවක මුණගැසී ඔහුගේ MICP , FICP මනෝ විද්‍යා උපාධි වල පිටපත් ඉල්ලා සිටියද ඔහු දිගින් දිගටම එය මග හරිමින් අවසානයේදී ප්‍රමිල වික්‍රමනායකගේ දුරකථන ඇමතුම් වලට පවා උත්තර දීමට ආවේ නැත. පුණ්‍ය ආයතයක් ලෙසට ආයතනය ලියාපදිංචි කොට වියාජ සුදුසුකම් පෙන්වා සිසුන් නොමග යවා ඔවුන්ගෙන් මුදල් ගෙන උපාධි විකුණන D.S රණවක No. 3A, 1st Floor, Dharmaraja Mawatha, Off Alfred House Avenue, Colombo 03. ස්ථානයේ නීතියට පටහැනිව මානසික ප්‍රතිකාරද කරයි. දැනට ලංකාවේ හොර වෙදුන් 50,000 පමණ සිටින බව කියන සෞඛ්‍ය අමාත්‍යවරයා තම එවැනි හොර වෙදුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කරන බව කීවද සෞඛ්‍ය අමාත්‍ය මෛතිරිපාල සිරිසේන ගේ අමාත්‍යංශයේ සිට කිලෝමීටර් 5-6 දුරකින් පිහිටා ඇති මෙම නීති විරෝධී ප්‍රතිකාර මද්‍යස්ථානය තවමත් ක්‍රියාත්මකය.

D.S රණවකගේ වියාජ උපාධි කඩයේ අනෙක් බරපතල කරුණ නම් මෙම MIPC , AMPC Dip in Counseling , PGDE Dip in Counseling , යන කිසිදු ප්‍රමිතියක් නැති මනෝවිද්‍යා උපාධි මගින් බොහෝ පිරිසක් රජයේ නිලධාරීන් නොමග යවා රැකියා සහ උසස්වීම් ලබාගෙන තිබීමයි. මෙම කරුණ ගැන කොළඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්යවරියක ගෙන් විමසු විට ඇය ප්‍රකාශ කලේ මෙය ඉතා බරපතල තත්වයක් බවයි. මෙම රැකියා සහ උසස්වීම් ලබාගත් පිරිසට නිසි දැනුමක් සහ පුහුණුවක් නැති බවත් ඔවුන් දැන් වසර ගණනාවක් පුරා අධ්යාපන සහ උපදේශන කටයුතු වල නිරතවන අතර බරපතල ගැටළු ඉන් මතු වී ඇති බවද එම මහාචාර්යවරිය ප්‍රකාශ කලාය.

D.S රණවකගේ පුණ්‍යයතනයෙන් උපාධි ලබා වියාජ උපාධි සහතික මත රජයේ රැකියාවන් සහ උසස්වීම් ලබාගත් පිරිසගෙන් කොටසක් මෙන්න

1) ප්‍රසන්න ජයතිලක - MIPC වියාජ උපාධි සහතික මත පවුල් සංවිධාන සංගමයේ සේවය කරයි
2) ජානකි විජේතුංග -P.G.D.E, Dip In Counselling, MIPC වියාජ උපාධි සහතික මත අධ්යාපන අමාත්‍යංශයේ උසස් නිලයක් ලබාගෙන ඇත
3) බ්‍රිගේඩියර් ටී ටී අර් ද සිල්වා - MIPC වියාජ උපාධි සහතික මත ශ්‍රී ලංකා යුධ් හමුදාවෙන් උසස්වීම් ලබාගත් අයෙකි
4) කේ එම් උපාලි සමරසිංහ - MIPC, වියාජ උපාධි සහතික මත කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය කරයි
5) ප්‍රභා රග්සි ජයවර්දන - H.C.G.C, AMPC වියාජ උපාධි සහතික මත ශ්‍රී ලංකා විවර්ත විශ්ව විද්‍යාලයේ සේවය කරයි
6) පි . විතාරණ - ආයුවෙර්ද වෙද මහතෙකි .රණවකගේ පුණ්‍යයතනයෙන් ලබාගත් .MIPC...උපාධිය මගින් කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය කරයි.
7) ශිලා ද සිල්වා රණවකගේ පුණ්‍යයතනයෙන් ලබාගත් Dip In Counselling, MIPC, මගින් Women in Need සේවය කරයි.
8) එම් එම් ජයවර්ධන පුණ්‍යයතනයෙන් ලබාගත් Dip In Counselling, AMPC, මගින් කොතලාවල ආරක්ෂක පිඨයේ සේවය කරයි
9) ඉන්ද්‍රානි තිලකරත්න Dip In Counselling , AMPC, වියාජ උපාධි සහතික මත Women in Need සේවය කරයි.
10) කේ . එච් සි කවුෂල්‍යා Dip. In Councelling, AMPC වියාජ උපාධි සහතික මත සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරයි
11) තුල්සි අලහකූන් අලහකෝන් - Dip In Counselling, AMPC,වියාජ උපාධි සහතික මත කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය කරයි
12) ජි එච් නදීරා රුක්ලන්ති Dip In Counselling, AMPC වියාජ උපාධි සහතික මත අධ්යාපන අමාත්‍යංශයේ සේවය කරයි
13 ) ලොශිකා ජීවන්ති Dip In Counselling, AMPC, වියාජ උපාධි සහතික මත Women in Need සේවය කරයි.


(මෙම ලිපියේ අඩංගු කරුණු බොරු නම් අපට නඩු දමන ලෙස රණවකට අභියෝග කරමු )
 
මෙන්න වෛද්‍ය ලලිත් පෙරේරා විසින් ලියන ලද එම ලිපිය

(වෛද්‍ය ලලිත් පෙරේරාගේ හෙළිදරව්වෙන් පසු රණවකගේ http://profdsr.com/about_dsr.php වෙබ් අඩවිය අක්‍රිය කොට තිබේ )

මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය හෙවත් 'මහාචාර්ය' D S රණවකගේ හොර උපාධි කඩය - වෛද්‍ය ලලිත් පෙරේරා

පසුගිය වසරේ මගේ මිත්‍රයෙක් ඔහුගේ බැනාට රැකියාවක් සොයා දෙනමෙන් මගෙන් ඉල්ලීමක් කරන ලදී . ඔහුගේ ජිව දත්ත සටහන අනුව මට පෙනීගියේ ඔහු වැඩි උගත්කමක් නැති අ. පො. ස. (සා. පෙළ) පමණක් සමත් අයෙකු බවය. කෙසේ වෙතත් ඔහුට උපකාරයක් කිරීමේ අභිලාශයෙන් යුතුව මම ඔහුව දන්නා හඳුනන ව්‍යාපාරිකයෙකුට යොමුකොට විකුණුම් නිලධාරියෙකු ලෙස පත් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලීමි. රැකියාව ලැබුනත් ඔහුට එය වැඩි කල් පවත්වාගෙන යාමට නොහැකි විය. අකාර්යක්ෂමතාව හේතුවෙන් ඔහුව රැකියාවෙන් නෙරපන ලදී. කණගාටුවට පත්වූ මා පරිගණක පාඨමාලාවක් හදාරා තව තවත් සුදුසුකම් සපුරාගන්නා ලෙස ඔහුට අවවාද කලෙමි.

මෑතකදී බලාපොරොත්තු රහිත ලෙස මට ඔහු මුණගැසුණු අතර මගේ අවවාද අනුව කටයුතු කලේදැයි විමසා සිටියෙමි. ඔහුගේ පිළිතුර වුයේ , ඔහු දැනට මනෝ චිකිත්සක උපදේශකයෙකු ලෙස සේවය කරන බවත්, ඔහුගේම මනෝ චිකිත්සක ආයතනයක් පවත්වා ගෙන යන බවත්ය. මෙම ප්‍රකාශයෙන් අතිශය පුදුමයට පත් මා, මනෝ චිකිත්සක උපදේශන සඳහා පුහුණු වුයේ කෙසේදැයි ප්‍රශ්න කෙළෙමි. ඔහු මට පවසා සිටියේ ඔහු ඩී. එස්. රණවක මහතා යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ පුහුණු පාඨමාලවක් හැදෑරූ බවත්, එහිදී ලද සහතිකය යටතේ ඔහු පුද්ගලික උපදේශන සේවයේ යෙදෙනබවත්ය. තවදුරටත්, ඔහු මහත් අභිමානයෙන් කියා සිටියේ දිනකට රෝගීන් 15-20 අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කරන බවත්, ඉන් සැහෙන ආදායමක් ලබන බවත්ය.

අතිශය කුතුහලයට පත් මම ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය අමතා එහි අධ්‍යක්ෂක විමසා සිටියෙමි. මගේ අවශ්‍යතාවය, පාඨමාලා , කථිකාචාර්යවරුන්ගේ සුදුසුකම් ආදිවූ කරුණු විමසා දැනගැනීම සඳහා බව දැනුම්දුන් පසුව මට දැන්වුයේ අධ්‍යක්ෂකවරයා ඉතා කාර්යබහුල බැවින් සම්බන්ධ කළ නොහැකි බවයි. මුණගැසීමට වෙලාවක් වෙන්කරදෙන මෙන් ඉල්ලුවද එයද මගහරින ලදී. ඒ අනුව මම ඔවුන්ගේ වෙබ් අඩවිය වූ http://profdsr.com/about_dsr.php පිවිසුන අතර එහිදී අතිශය විශ්මය දනවන කාරණා රාශියක් දැනගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකා වෘත්තිය මනෝ චිකිත්ෂණ උපදේශක ජාතික ආයතනය කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව එහි අධ්‍යක්ෂකවරයා ඩී. එස්. රණවක මහතා වන අතර ඔහු FICP සහ MICP යන මනෝ චිකිත්සක උපාධි සහිත මනෝ විද්‍යඥයෙකු විය. FICP සහ MICP උපාධි මනෝ වෛද්‍ය උපදේශන වෘත්තියේ අතිශය ඉහලම උපාධි සුදුසුකම් වේ. පසුව මගේ හිතවතෙකු ඉහත උපාධි ලබාගත්තේ කුමන සරසවියෙන්දැයි රණවක මහතාගෙන් විමසන ලදුව ඔහු නිරුත්තරවී දුරකථනය විසන්ධි කළේය.

පසුව අප ශ්‍රී ලංකා වෘතිය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය සහ එහි අධ්‍යක්ෂක ඩී. එස්. රණවක මහතා පිළිබඳව කිහිප දෙනෙකුගෙන්ම විමසූ අතර, අපට දැනගැනීමට ලැබුනේ ඔහු කොළඹ විශ්ව විද්‍යලයේ අධ්‍යාපන මනෝ විද්‍යා අංශයේ සහය මහාචාර්යවරයෙකුව සිටි බවයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ, එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ රණවක මහතා කලා විෂය ධාරාවෙන් BA සහ MA උපාධිධාරියෙකු වන අතර මනෝ විද්‍යාව සඳහා ශාස්ත්‍රපති උපාධියක් කිසිම පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබා නැති බවයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ FICP සහ MICP උපාධි තමන් විසින්ම වංචනිකව යොදාගෙන ඇති බවයි. මෙය අපට අතිශය දරුණු විහිළුවක් විය. ඔහු සතුව ඇත්තේ බොරු උපාධි බව අපට මනාව පසක් විය. ඒ අනුව අපි කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයන්හි මනෝ වෛද්‍ය කථිකාචාර්යවරු දෙදෙනෙකුට කතා කළෙමු.


ඔවුන්ගේ නිර්වචනයට අනුව මනෝ විද්‍යාඥයකු වීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයකින් Phd උපාධියක් තිබිය යුතුය. ලංකාවේ පිළිගත් මනෝ විද්‍යාඥයන් සංඛ්‍යාව ඉතා සුළු වන අතර ඔවුන්ට නීත්‍යානුකුලව එම වෘත්තියේ යෙදිය හැකිය. ඒ අනුව රණවක මහතා මනෝ විද්‍යාඥයෙකු නොවන අතර, මනෝ චිකිත්සකයන් පුහුණු කිරීම සඳහා ඒ මහතාට කිසිම සුදුසු කමක් නොමැත. නමුත් ඔහු මාස 3 සිට 6 දක්වා කල පරාසයකින් යුතු මනෝ උපදේශන පාඨමාලා, එක අයෙකුගෙන් රුපියල් 40,000 අයකරමින් පවත්වාගෙන යයි. මේ දක්වා ඔහුගේ ආයතනයෙන් 600 දෙනෙකුට පමණ සහතික නිකුත් කර ඇති අතර, ඔවුහු මනෝ චිකිත්සක උපදේශකවරු වශයෙන් මනෝ ව්‍යධී රෝගීන්ට ප්‍රතිකාර කරති.


වෘත්තිය ආචාර්ය ධර්ම නිශේධනය කිරීම

වර්ෂ 2002 දී ඩී. එස්. රණවක මහතා අධ්‍යාපන මනෝ විද්‍යා පිඨයේ සහය මහාචාර්ය පදවියට පත්විය. සහය මහාචාර්යවරුන් විශ්‍රාම ගිය පසු මහාචාර්ය යන පදවිනාමය භාවිතා කළ නොහැකි අතර එය වෘත්තිය ආචාර ධර්මවලට මුළුමනින්ම පටහැනිය. කෙසේවෙතත් රණවක මහතා තම ව්‍යාපාර දියුණුවට අත්වැලක් වශයෙනුත්, තම පාරිභෝගික ජනතාව සහ සිසුන් මුලකිරිම සඳහාත් දිගටම එකී නාමය යොදාගනිමින් සිටි.

අප විසින් කරනලද පරීක්ෂණයේදී හෙලිදරව්වුයේ ඩී. එස්. රණවක මහතා විසින් නිකුත්කරනලද MICP සහතික දරන්නන් බොහොමයක් අධ්‍යාපන දෙපර්තමේන්තුවේ සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශ ආදී ආයතනවල උපදේශකයන් වශයෙන් සේවය කරනු ලබනු බවයි. තම ව්‍යාපාරික කටයුතුවලට නීත්‍යානුකුල මුහුණුවරක් ලබාදීම සඳහා ඩී. එස්. රණවක මහතා තම ශ්‍රී ලංකා වෘත්තිය මනෝ විද්‍යා උපදේශක ජාතික ආයතනය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලේකම්ගේ සහය ඇතුව, එකී දෙපාර්තමේන්තුවේ, ලාභ නොලබන සමාජ සේවා ආයතනයක් වශයෙන් ලියාපදිංචි කරනු ලබන අතර එහි ලේකම් වීජී ජෙගරාජසිංහම් මහත්මියට නොමිලයේම MICP උපාධිය පිරිනමනු ලබයි.

වෘත්තිය පසුබිමක් හෝ පිළිගත් විශ්ව විද්‍යාල උපාධියක් නොමැති රණවක මහතා කොළඹ 3, ඇල්ෆ්‍රඩ් ඇවනිව්හි (යාබද ධර්මරාජ මාවතේ ) තම ආයතනය පවත්වාගෙන යමින් පාඨමාලා කරගෙන යනු ලබන අතර මනෝ වෛද්‍ය උපදේශන උපාධි පවා පිරිනමනු ලැබයි. මෙය රජයේ මනෝ සෞඛ්‍ය පනත සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙගුලාසි බරපතල උල්ලංඝනය කිරීමක් වුවත් ඔහු වර්ෂ ගණනාවක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව මෙම කටයුත්ත පවත්වාගෙන යයි. ඔහුගේ මෙම අයථා ක්‍රියාවලිය වසන් කරගනු සඳහා පොලිසියේ, හමුදාවේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පමණක් නොව මාධ්‍යවේදීන්ට පවා මෙම උපාධිය පිරිනමා ඇත. බොහොමයක් පොලිස් නිලධාරීන්ට මෙම MICP උපාධිය පිරිනමා ඇති අතර ඔවුහු නීතියේ රැහැනින් ඔහුව ආරක්ෂා කරති.

ව්‍යාජ සුදුසුකම් 

රණවකගේ වෙබ් අඩවිය ඔහු ගැන පහත විස්තර දක්වයි.

මහාචාර්ය රණවකගේ පර්යේෂණ ක්ෂෙත්‍රය වනුයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යල සිසුන්ගේ "සාංකා සන්කුලතාවයි" පශ්චාත් උපාධි පර්යේෂණයන්ගෙන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මානසික රෝග අංශයෙන්ද, ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා සායනයෙන්ද, ඩෙන්මාර්කයේ කොපන්හේගන් වෛද්‍ය පිඨයෙන්ද සායනික පුහුණුව ලැබිය.

කොළොඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ මනෝ වෛද්‍ය විද්‍යාඥයෙක් අප සමග පැවසුවේ ඩී. එස්. රණවකගේ එවැනි පර්යේෂණයන ගැන වාර්තා වී නොමැති බවත් , ඒවා මුළුමනින්ම ගොතන ලද දේ බවත්ය. මෙකී පර්යේෂණ ලිපි කිසිම වෛද්‍ය හෝ මනෝ වෛද්‍ය සඟරාවක පළවී නොමැත. මෙය සම්පුර්ණයෙන්ම සිසුන් මුලාවේ දැමීම සඳහා ගොතන ලද වංචනික ප්‍රකාශයන්ය.

මෙකි වංචාව ගැන පරික්ෂා කල වින්යා විජේතිලක මහතා තවත් වැදගත් කාරණයක් හෙළිදරව් කරයි. රණවක මහතා ප්‍රකාශ කරන ආකාරයට ඔස්ත්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත, විශ්ව විද්‍යලයේ, මනෝ වෛද්‍ය පීඨයෙන් සායන පුහුණුව ලබා ඇත. මෙය මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයකි. ඔහු ඔස්ත්‍රේලියාවට ගියේ සංචාරක විසා යටතේ තම දියණිය බැලීම සඳහාය. විජේතිලක මහතා මහතා මේ සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ ප්‍රධානීන්ගෙන් විමසු විට, ඔස්ත්‍රේලියානු මහාචාර්ය සොෆ්රනොෆ් සහ ඔහුගේ සහාය අංශ ප්‍රධානි පොල් හොර්නට් මහතුන් ප්‍රකාශ කළේ රණවක නමැති පුද්ගලයෙක් ගැන අසා නැති බවත්, ඔහු එහි අධ්‍යයනය කල බවට වාර්තා නොමැති බවත්ය. විදේශිකයෙකුට ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය සායනයක කටයුතු කිරීමට හෝ ස්වේච්චාවෙන් සේවයේ නිරත වීමට හෝ සුදුසුකම් රාශියක් සපුරාලිය යුතු බව පොදුවේ කවුරුත් දන්නා සත්‍යකි. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හෝ මැලේසියාවේ හෝ ජපානයේ විශ්ව විද්‍යාලවල තත්ත්වයද එයමය.

රාවය පුවත්පතේ හෙළිදරව්ව

රාවය පුවත්පතේ මාධ්‍ය වේදී තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් ඩී. එස්. රණවක මහතාගේ වංචනික ක්‍රියා සම්බන්දයෙන් ප්‍රථම වරට ප්‍රශ්නකරනු ලබයි. ඔහු තම සතිපතා ඉදිරිපත්කරන, මනස් සිතුවම් නමැති තීරු ලිපිය මගින් රණවකගේ ව්‍යාජ තොරතුරු හෙළිකරයි. තවදුරටත්, රණවකට ඇතැයි කියන FICP සහ MICP යන උපාධි සම්බධයෙන් ප්‍රශ්න කරයි. රණවක මේ සම්බන්ධයෙන් පුවත්පත් කොමිසමට පැමිනිලි කරන අතර පුවත්පත් කොමිසමේ සාමාජිකයන් වූ ලුසිල් විජේවර්ධන සහ ධර්මසිරි බණ්ඩාරනායක යන මහතුන් විසින් එකී උපාධි සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙසට දන්වා ඇති මුත්, මේ වනතෙක් ඒවා ඉදිරිපත් කිරීමට රණවක අපොහොසත් වී ඇත. පැමිණිල්ල එනයින්ම අවසාන විය. මේ සම්බන්ධව තවදුරටත් ක්‍රියාකිරීමෙන් තමන්ට සිදුවන අවැඩ වටහාගත් රණවක, ඉන්පසු පැමිණිල්ල හකුලා ගත්තේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිද්‍රාශිලිභාවය

විෂයානුබද්ධ දැනුමකින් තොර උපදේශකවරුන් විසින් මෙහෙයවන වෘත්තීය පුහුණුවකින් තොරවූ කෙටි කාලින පාඨමාලා හැදැරූ නුසුදුසු පුද්ගලයන් පවත්වන උපදේශන සායනයන් හැදින්විය හැක්කේ, අඳුරේ අතපත ගෑමක් ලෙසය. 600 පමණවූ කූට වෛද්‍යවරු මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම අති භයානක ව්‍යසනයකි. මෙම සංඛ්‍යාව දිනෙන්දින වැඩිවීමක්ද දක්නට ලැබේ. එමෙන්ම, වෛද්‍ය සායනවල බරපතල ලෙස සේවා උල්ලංඝනයවිම්ද සිදුවෙන අතර කිසිදු සුදුසු කමක් නොමැති මනෝ උපදේශකයන් මානසික රෝගීන්ගේ ජිවිත සමග සෙල්ලම්කිරිම බරපතල විනාශයකි. වසර ගණනාවක් පුරා මෙවැනි අකටයුතුකම් සිදු වුවද , සෞඛ්‍ය අමාත්‍යංශය හෝ නිසි බලධාරීන් කිසිදු සාධනීය පියවරක් ගෙන නැත. මනෝ චිකිත්සක සංගමයට පවා රණවකගේ මෙකි නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව නැගී සිටීමට පිටකොන්දක් නොමැතිබව පැහැදිලිය. මෙය ශ්‍රී ලංකා වෛද්‍ය අංශයේ අදක්ෂ නායකත්වය පිළිඹිබු කරන හොඳම උදාහරණයකි.

මා විසින් ලියනු ලබන මෙම ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තුමාගේත්, මනෝ සෞඛ්‍ය අධ්‍යක්ෂක තුමාගේත්, මනෝ චිකිත්සක සංගමයේ සභාපතිතුමාගේත් නෙත් පැදීමට හේතුවෙයයි සිතමි. මෙරට සාමාන්‍ය ජනතාවගේ මානසික සෞඛ්‍ය පිලිබඳ අබමල් රේණුවක තරම්වත් හැඟීමක් ඇත්නම්, කරුණාකර මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාකරනු ඇතැයි, උදක්ම බලාපොරොත්තුවෙමි. මහජනතාව ඔබගේ ප්‍රතික්‍රියාව දෙස විමසිල්ලෙන් බල සිටිනු ඇත.

Tell a Friend