ඒ. ඡේ. ඒ. අබේනායක
සුදු කොඩි නඩුවේ විත්තිකරු වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (23 වැනිදා) පෙරවරුවේ විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය කිරීමට සූදානම් වනවාත් සමගම මහාධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වීම නිසා අධිකරණයේ කටයුතුවලට බාධා ඇති විය.
ඊයේ (23 වැනිදා) පෙරවරුවේ 11.15 ට පමණ අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ලේ නියෝගය පරිදි පෙරවරු 11.18 ට පමණ ඒ මහතා සිය ප්‍රකාශය කිරීමට සූදානම් විය. ඔහු සිය ප්‍රකාශයේ සටහන් පිටපත් ගොනුව අතැතිව මයික්‍රෙෆොනය අසලට පැමිණෙනවාත් සමගම විදුලිය විසන්ධි වුවත් අධිකරණ ශාලාවේ සියලුම දොරටු විවෘත කොට විත්ති කූඩුවෙන් බැස විනිශ්චය අසුන ආසන්නයට පැමිණ ඔහුට එම ප්‍රකාශය ලබාදීමට විනිසුරු මඬුqල්ල අවසර දුන්හ. එලෙස ඒ මහතා සිය ප්‍රකාශය කරමින් සිටියදී පෙරවරු 11.40 ට පමණ නැවත විදුලිබලය ලැබුණු අතර ඉන්පසු විත්ති කූඩුවේ සිට පස්‌වරු 1.05 දක්‌වා එකදිගට ඒ මහතා සිය ප්‍රකාශය අධිකරණය හමුවේ කළේය.

Post a Comment