ආසියානු සම්පත් පිළිබඳ 5 වැනි සමුළුව පසුගිය 20 වැනිදා චීනයේ හනෑන් ප්‍රාන්තයේ අගනුවර වන සැන්මෙන්ෂියා හිදී පැවැත් වුණු අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා එහි ප්‍රධාන දේශනය පැවැත් වීය. "වඩා වඩා සංවර්ධිත හා වඩා ඉහළ සංහිදියාවක් සහිත ආසියාවක් සඳහා අවධාරණය කිරීම" යන තේමාව යටතේ සෝමවංශ අමරසිංහ සහෝදරයා විසින් දේශනය පවත්වන ලද දේශනයට සමුළුවේ ඉහළ ප්‍රතිචාර හිමි විය.
එමෙන්ම ජවිපෙ නායකයා පසුගිය 18 හා 19 දෙදින චීනයේ පැවති "සංචාරය, වෙළද හා ආයෝජන උළෙලේ" 17 වෙනි සමුළුවටද සහභාගි විය.
මෙම සංචාරය තුළදී ජවිපෙ නායකයා චිනයේ යන්ත්‍රෝපකරණ හා කර්මාන්ත සම්මේලනයේ උපසභාපති ලු රෙන්කි මහත්මිය, සැන්මෙන්ෂියා නගරයේ ජනතා ආණ්ඩුවේ නගරාධිපති යැං ෂු පිං මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීය. එමෙන්ම, එහිදී සෝමවංශ අමරසිංහ සහෝදරයා චීන කොමියුනිස්ට් පකෂයේ හනෑන් පළාතේ නායකයන් සමගද විශේෂ සාකච්ඡා පැවත්වීය.
ආසියානු සම්පත් පිළිබඳ සමුළුවේ 5 වැනි සමුළුව සෝමවංශ අමරසිංහ සහෝදරයා විසින් අමතන ලද අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.

Post a Comment