හර්ෂි සි. පෙරේරා
මසක බිළිඳෙකුගේ මළ සිරුරක් සුන්නාගම් විදුලි බලමණ්ඩල මාර්ගයේ නිවසක තිබී සොයාගෙන ඇතැයි වාර්තා වේ. පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම මළසිරුර සොයගෙන තිබේ. තුවාල හා තැලීම් නිසා හටගත් ලප එම බිලිඳු මළ සිරුරේ දක්නට තිබූ බවද පැවසේ.
මේ සිරුර ඊයේ (මැයි 01) සොයාගෙන ඇති අතර, සිරුර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපන මූලික රෝහලට යවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සුන්නාගම් පොලීසිය විසින් සිදුකරනු ලබයි.
මෑතකදී බිලිදුන් මියගිය සිද්දි ගණනාවක් මාද්දය ප්‍රසිද්දියට පත් කරන ලදී . මෙයට දඩුවම පමණක් නොව වෙනත් විසදුමක්ද තිබිය යුතුයි. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම අහනවට වඩා පිළිතුරු අවශ්‍යයි.
අද රාත්‍රියේ සිට කිරිපිටි මිල වැඩිකර ඇත. එවිට බඩගින්නේ සිටීමට සිදුවන්නේ බිලිදුන්ටය. නමුත් මවුවරු සහ පියවරු ඔවුන් බඩගින්නේ කෑමොර දෙන විට කුමක් කරයිද?
එවිට ඉහත ආකාරයේ ක්‍රියා පිළිබද සිද්දි ගොඩක් අපට කියවීමටත් දැකීමටත් මද්ද්‍යා ඉඩ සලසා දෙනු ඇත. එවිට මේ සුබ අනාගතයද කියා අසනවට වඩා වෙන දෙයක් කිරීමට ඉඩක් නැත.
Post a Comment