හර්ෂි සි. පෙරේරා
"රජය විසින් ඉදිරිපත් කර ඇති සෙනෙට් සභාවක් පිහිටුවීමේ යෝජනාව දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ බලය බෙදීමේ යෝජනා පිළිබඳව එකඟතාවකට පැමිණි පසු සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා පවසයි. ලබන මස 23 වැනිදා රජය හා දෙමළ සන්ධානය අතර මීළඟ සාකච්ඡාව පැවැත්වෙන අතර එහිදී බලය බෙදීම පිළිබඳ සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බවද ඔහු කියා සිටියි."
දෙමල ජනයාට දේශපාලන විසදුමක් ලබාදීමේදී බලය බෙදීමට විශාල වැදගත්කමක් හිමි වෙයි. වසර 30 කට අසන්න කාලයක් ප්‍රබාකරන් යුද්දය පවත්වාගෙන ගියේ වෙනම රාජ්ජයක් එනම් ඊළම දිනා ගැනීම උදෙසාය. එය අසාර්ථක විය. නමුත් දෙමල ජනයාගේ ප්‍රශ්න වලට විසදුම් නොදීම තවත් ප්‍රබකරන්ලා බිහිවීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීමකි.
ජි එල් පිරිස් ඇමතිවරයා නොබෝදා ඉන්දියාවේ සංචාරය කල අතර ඉහල පෙලේ ඉන්දීය ඇමතිවරුන් සමග සාකච්චා කර ඒකාබද්ද ප්‍රකාශයක්ද නිකුත් කර ඇත. මෙම ප්‍රකශය ශ්‍රී ලංකා රජය සහ දෙමල දේශපාලන පක්ෂ අතර සාකච්චා පලදායි ලෙස පවත්වා ගෙන යාමට විශාල වැදගත්කමක් ලබාදී තිබේ.
තවද අවතැන් වූ ජනයා නැවත පදිංචි කිරීමට, ඉතා ඉක්මනින් හදිසි නීති රෙගුලාසි අහෝසිකිරිම , සහ සිදු වූ සියලුම මානව හිමිකම් උල්ලන්ගනයන් පිළිබද කඩිනම් පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව ඉන්දියාව විසින් ශ්‍රී ලංකා රජයට අවදාරණය කරනු ලැබිණි.
මිට පෙර අවස්ථාවකදීද ඉන්දියාව පොලිස් සහ ඉඩම් බලතල පළාත් සබා වලට ලබාදිය යුතු බව ශ්‍රී ලංකා ආණ්ඩුවට දන්වනු ලැබිය.
මේ සියල්ල ඉටු කිරීම ලෙහෙසි පහසු නොවුවද ඒවා නොසලකා හැරිය නොහැක. මක්නිසාද ඒ සියල්ල රටේ ස්ථිර සාර සාමයකට සහ දරණිය සන්වර්දනයකට අනිවාර්ය බැවිනි. එමෙන්ම දෙමල ජාතික සන්දානය සාකච්චා වලට අවතීර්ණ වීම දනාත්මක වර්දනයක් ලෙස සළකා ඔවුන් සමග විශ්වසනීයව සාකච්චා කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජයට ඇත.

Post a Comment