EXCLUSIVE: මම යන්නේ හොඳවයින් සාරි ටිකක් ගන්න - රාජපක්ෂ "ආර්යාව"

මේ දිනවල බංගලාදේශයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ එහි හෙට එනම් බදාදා පස්වරු දෙක දක්වා එහි රැඳී සිටිනු ඇත. අදාළ සංචාරය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර තම හිතවත් මිතුරියක ඇමතු ජනාධිපති රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සඳහන් කොට ඇත්තේ, බංගලාදේශයේ ඉතා හොඳ තත්වයේ සාරි ඇති බවත් තම සංචාරයේ අරමුණ ඒවා මිලදී ගැනීම බවත්ය.

එසේම ලංකා ගාර්ඩියන් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශිරන්ති රාජපක්ෂ, ඊයේ දිනයේදීම එනම් සංචාරය ආරම්භ වූ දිනයේදීම අදාළ සාරි මිලදී ගැනීමේ කටයුත්ත ආරම්භ කොට ඇත. බංගලාදේශයේ ආරක්ෂක අංශද පිරිවරාගෙන එරට ගුල්ස්තාන් හී පිහිටි ආරොන් නමැති කඩ වලට ගොඩ වැදී ඇත්තේ එහි පළමු පියවර වශයෙනි. එහි පැය දෙකහමාරක් එනම් සවස 04 සිට සවස 06.30 දක්වා ගත කොට ඇත.

එසේම තවත් පැය කිහිපයකින් එනම් අද ( 19-04-2011) පස්වරු 03. 30 සිට සවස 06 දක්වා තවත් සාරි කඩ කිහිපයකට එනම් ගුල්ස්තාන් හී පිහිටි සිල්ක් හවුස් වෙත සහ බෙයිලේ මාර්ගයේ ඇති සාරි ශෝප්ස් යන සාප්පු සංකීර්ණය වෙත ඇය සහ සංචාරයට එක් වූ ඇගේ හිතවතුන් යෑමට නියමිතය. අදාළ සියලුම සාප්පු සහ ස්ථාන තෝරා ඇත්තේ එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසිනි.


Tell a Friend