බිලිදකු අතහැර දමා යයි.


හර්ෂි සි. පෙරේරා
ගාල්ල කලේගානේ ශාස්ත ෆ‍්‍රැන්සිස් සේවියර් දෙව් මැදුරේ දොරටුව අසල දමා ගිය දින තුනක් වයසැති බිළිඳකු දේවගැතිවරයකු විසින් කරාපිටිය රෝහලට බාරදෙන ලදැයි පොලිසිය කියයි. දරුවා ඉතා නිරෝගී බව වෛද්‍යවරු කියති.

මේ දේවල් සිදුවන්නේ සුබ අනාගතයක් ගැන කියන සමුගැනිමකදී බුදු සරණයි කියන රටකය. මේ දිනවල 2600 බුද්ද ජයන්තිය මහා ඉහලින් සැමරීමට සියලු කටයුතු උත්කර්ශවත් ලෙස සිදුවෙමින් පවතී. මේ දේවලට යන වියදම් දැයේ බිළිදුන්ගේ සුබසිද්දිය සදහා යෙදවීමට වගකිවයුත්තන් උත්සහ ගන්න බවක් නොපෙනේ.

සබැ සදාචාරයක් පවතීනම් පළමුව දැයේ දරුවන්ගේ බඩකට පිරවිය යුතුය. සුබ අනාගතයක් බුදු සරණයි යන වචන ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසදන්නේ නැත. ඒවා බලයේ සිටින්නන්ගේ පැවැත්ම සදහා යොදා ගනු ලබන පියකරු වදන්මය.



Tell a Friend