භික්ෂුන්වහන්සේ ලේ වලින් අත්සන් කිරීම

2011 අප්‍රේල් 30 දින ලංකාදීප පුවත්පත වාර්තා කරන අන්දමට බැන්කී මූන් වාර්තාව හකුලා ගන්න යැයි කියා මහජන පෙත්සමකට අත්සන් ගැනීම මාතර බෝධිය අබියස ආරම්භ විය. එහිදී භික්ෂුන්වහන්සේ කෙනෙක් ලේ වලින් අත්සන් කරන ලදී. ලේ සහ බුද්ධාගම අතර ඇති සම්බන්දය කුමක්ද? . බුද්ධාගම යනු අවිහිංසාවාදී ආගමකි. සියලු ආකාරයේ ලේ ගැලීම් වලට බුද්ධාගම එකඟ නොවේ. තම ඇගිල්ල කපාගෙන ලේ වලින් අත්සන් කල භික්ෂුන්ව බුද්ධාගමේ ප්‍රාථමික හරයන් දන්නවාද කියා සැක මතු වේ. තම ඇගිල්ල කපාගෙන ලේ සොලවා ගන්නා විට එම භික්ෂුන්වගේ සිතට එන්නේ අකුසල් සහිත ක්‍රෝධ සිතකි. බැන්කී මූන්ට විරෝධය පල කිරීමට කියා මෙවැනි මුග්ද ක්‍රියා කිරීමෙන් බුද්ධාගම අවමාන වන බව මෙම මොවුන්ට නොතේරෙති. පුජ්‍ය පක්ෂය මෙවැනි ප්‍රචණ්ඩ අන්තවාදයට යොමු වන්නේ මක් නිසාද? අද පන්සල් වල පල්ලිවල, කෝවිල්වල ළමුන් ලිංගිකව අපයෝජනය කරන බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ විට ළමා වයසේ මහණ කර ගන්නා පොඩි හාමුදුරුවන්ව වැඩිහිටි හාමුදුරුවරු පන්සල්වල බලහත්කාරයෙන් දුෂණය කරති. මෙම ළමා භික්ෂුන් වැඩෙන්නේ තරහව පලිගැනීම සිතේ මෝදු කරගනිමිනි. වෛරය එලියට දැමීමට අවස්ථාව පැමිණි විට ආගමේ නාමයෙන් , ජාතියේ නාමයෙන් මැරෙනතුරු උපවාස කිරීමට , පෙට්‍රල් වත්කරගෙන ගිනි තබාගැනීමට , ලේ වලින් අත්සන් කිරීමට වැනි අන්තවාදී වැඩ කිරීමට ඇතැම් භික්ෂුන් පෙළඹෙති. තමාව බලහත්කාරයෙන් මුඛ හෝ ගුධ සංසර්ගයේ යෙදවූ වැඩිහිටියාගෙන් නාමිකව පලි ගන්නේ කොහේ හෝ ඈත දිබ්බාගයක සිටින බැන්කී මූන් හෝ එවැනි චරිතයක් හරහාය. බලාගෙන යන විට අප ජිවත්වන්නේ රෝගාතුර වූ සමාජයකය. එහි දේශපාලකයන්, නීති ආරක්ෂකයන් පමණක් නොව ජනතාවගේ ආධ්‍යාත්මය අවදි කිරීමට සිටින පුජ්‍ය පක්ෂයද රෝගාතූරය.

අමිල ගුණරත්න



Tell a Friend