හර්ෂි සි. පෙරේරා
හෙට ශ්රී ලංකාවේ මැයි දිනය සැමරීමට නියමිතය.
"ආණ්ඩුව ලේක් හවුස් ආයතනයේ සේවකයින්ට කියා ඇත්තේ සියලු දෙනා මෙම මැයි දින සැමරීමට සහබාගි විය යුතු නමුත් තමන් එයට බල නොකරන බවයි. නමුත් සහබාගි වන අයගේ සහ නොවන අයගේ නාම ලේකනයක් ආයතන ප්රදානියට බාර දියයුතු බව කියා ඇත. සෙසු රජයේ ආයතන වල සේවකයින්ටද මෙසේ පවසා ඇති බව වාර්තා වේ."
පැය 08 ක සේවය පැය 08 ක විනෝදය සහ පැය 08 ක විවේකය අපට හිමි වුයේ කම්කරු ජනතාවකගේ දුෂ්කර අරගලයක ප්රතිපලය ලෙසයි. මැයි දිනයද ඔවුන් දිනාගත් දෙයකි. නමුත් අපේ රටේ මැයි දිනය කම්කරුවන්ගෙන් සහ කම්කරු නායකයින්ගෙන් කොල්ලකමින් තිබේ. එය ආණ්ඩුවේ ඕනෑ එපාකම් සදහා යොදා ගැනේ.
මේ තත්වය කම්කරුවන්ගේ තත්වය සහ අයිතීන් පහත හෙලීමක් වේ. ඔවුන්ගේ බලය උදුරා ගැනීමකි. සුවාදිනත්වය නැති කිරීමකි. මේ තත්වය ශ්රමය සුරාකන සේවායෝජකයින්ට වෙස්වලාගත් ආශීර්වාදයක් වේ.
අපට මෙසේ ලිවිය හැක. අපට මෙසේ කිව හැක. නමුත් මැයි දිනය නැවත තමන් සතු කර ගැනීමේ සබැ උවමනාව කම්කරු ජනතාව තුලින්ම ජනිත විය යුතුයි.
Post a Comment