ආදර්ශවත් මවක් ! නීතියට සම්ප්‍රදායට සංශෝදනයක් !

වැලට ගෙඩිය බර වූ විට එයට විසදුම ගෙඩිය විනාශ කිරීම නොවේ. පහත උදාහරණයේ මව සැමට ආදර්ශයකි. මක්නිසාද ඇය තමාට බරක් වූ දරුවා කළු ගගට, වැසිකිලි වලකට විසි කිරීම නැතිනම් බසයක අතහැර දමා නොගිය බැවිනි.

දින අටක් වයසැති බිළිඳිය හදා වඩා ගැනීමට වත්කමක් නැති නිසා බද්දේගම චමිලා ශි‍්‍රයානි (32) මව ඇය දිව්රුම් පෙත්සමක් මත අහංගම තිත්තගල්ලේ පදිංචි සුනේත‍්‍රා කාන්ති මහත්මියට භාරදුන් බව කියන සිද්ධිය වාර්තා වීමෙන් පසුව බද්දේගම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඔවුන් උසාවිය හමුවට පමුණුවා එම කි‍්‍රයාව නීත්‍යානුකූ කිරීමට වෙහෙසෙයි. දරුවා බිහිවූයේ මාතර රෝහලේදී දරුවන් නැති අහංගම යුවල දරුවකු හදාවඩා ගැනීමට ඉල්ලා ළමා හා පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවූ යුවලක් බව ද පොලීසිය කියයි.

මේ ආකාරයට දරුවන් හදා වඩා ගැනීමට කැමැත්තෙන් සිටින දෙමාපියන්ට ප්‍රවේශ විය හැකි ආකාරය එක්කෝ වගකිවයුත්තන් ප්‍රසිද්දියට පත් කල යුතුය. නැතිනම් එහිලා සාර්ථක වැඩ පිළිවෙලක් නිර්මාණය කල යුතුය. මේ පිලිබදව පරිවාස දෙපාර්තමේන්තුවට, පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට සම්ප්‍රදායෙන් බැහැරව රාමුවකට සිර නොවී නිර්මාණාත්මක කාර්යබාරයක් අනුගමනය කිරීමට උචිත කාලය එලබ ඇත.

ඒවගේම උපත් පාලන ක්‍රම පිලිබදව සමාජය දැනුවත් කල යුතුය. ඊට අමතරව ලංකාවේ ගබ්සාව පිළිබද නීති ලිහිල් කිරීමටද කාලය පැමිණ ඇත. දැනට ගබ්සාවක් කල හැක්කේ ස්ත්‍රියගේ ජීවිතය අනතුරට ලක් වූ අවස්ථාවකදී පමණි. මේ නීතියට ඇති සීමාව නුතනයට ගැලපේද? ස්ත්‍රී දුෂනයකදී සිදුවන පිළිසිද ගැනීමක් කළලය විකුර්ති වූ අවස්ථාවන් සම්බන්දයෙන් ගබ්සා නිතිය සංශෝදනය විය යුතුව ඇත.

කෙසේනමුත් ඉහත උදාහරණයේ මව සැමට ආදර්ශයකි.


හර්ෂි සි. පෙරේරා