පළමුව නීතිය දෙවනුව ක්‍රිකට්

මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරගය සදහා ඉන්දියාවට ගොසිනි. ඔවුන් දිනුවොත් එය රටට විශාල ආඩම්බරයකි. ශ්‍රී ලංකාව ලොව නමක් දින ඇත්තේ තේ සහ සංචාරක පාරාදීසයක් ලෙසයි. මේ දිනවල ලොකු කුඩා බේදයකින් තොරව සැමට ක්‍රිකට් උන්මාදයක් ඇති බව කිවහොත් එය නිවැරදිය.

නමුත් ක්‍රිකට් උන්මාදයට , මේ රට නීතිය නොමැතිකම අමතක කිරීමට සහ නොසලකා හැරීමට ඉඩ දියයුතු නැත. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියටද රට තුල නීතිය සහ සාමය ආරක්ෂාවීම අනිවාර්ය වේ.

මේ දිනවල ඉතා බයානක මනුෂ්‍ය ගාතන සහ අපරාද රැසක් සිදු විය. රටේ පොලිසියට වදහිංසා පැමිණවීම, බොරු නඩු දැමීම, පිළිබද බරපතල චෝදනා එල්ල වේ. නීතිපති මෑතකදී වඩාත් ප්‍රසිද්ද වුයේ අපරාදකරුවන්ට එරෙහි චෝදනා ඉවත් කර ගැනීම සම්බන්දයෙනි. අල්ලස සහ දුෂණය පැතිර නොගිය රාජ්ජය ආයතනයක් සොයා ගැනීමටත් නොහැකිය. දණ්ඩ මුක්තිය නිසා පිඩාවට පත්වන්නේ නැති බැරි අසරණ ජනතාවයි.

ක්‍රිකට් නිසා මේ බයානක තත්වය ජනතාවට අමතකව ගොස් ඇත. නීතිය නොමැතිකමට වගකිවුත්තන්, මේ ක්‍රිකට් උන්මාදය තම වාසියට හරවා ගනී. ඒ නිසා සියලු ශ්‍රී ලාංකිකයින් රට තුල යලි නීතිය සමානව ක්‍රියාත්මක කිරීමට වඩාත් උනනාන්දු වී ඒ සදහා අවශ්‍ය බලපෑම රජයට කල යුතුව ඇත. එහිලා නීතියට පළමු තැනත් ක්‍රිකට් සදහා දෙවන තැනත් ලබා දිය යුතුව ඇත.


හර්ෂි සි. පෙරේරා